දේශීය පුවත්

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වේ.

සැබෑ විදුලි මාෆියාව ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ නොව පාර්ලිමේන්තුව ඇතුළේ බවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා කළ ප්‍රකාශයක් මේ සදහා හේතු වී ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (08) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රශ්න කර ඇති අතර හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අලහප්පෙරුම මහතාගේ ප්‍රකාශය දැඩිව හෙළා දැක අදහස් පළ කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම මන්ත්‍රී කන්ඩායම් රැස්වීමට ඩලස් අලහප්පෙරුම මහතා සහභාගිව සිට නැති බවද දැනගන්නට තිබේ.

සබැදි පුවත් –

විදුලි මාෆියාව තියෙන්නේ දියවන්නාව ඇතුළේ බව ඩලස් කියයි

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More