දේශීය පුවත්

20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ.

නමුත් ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ අදහසට කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු සිය විරෝධය පළ කර ඇත.

එහිදී ඇමති වාසුදේවගේ අදහස පැහැදිලි කරමින් ඇමති විමල් විරවංශ මහතා පවසා ඇත්තේ පුද්ගලයකු ඉලක්ක කරගෙන නොව ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස ඇමති වාසුදේව එසේ පෙන්වා දුන් බවත් ඉන්දියාව පවා ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරු දැරීමට ඉඩ නොදෙන බවත්ය.

මෙම සංශෝධනය යම් හෝ සුළු අඩුපාඩුවක් තිබුණොත් විපක්ෂය ඊට එරෙහිව අධිකරණයට යනු ඇති නිසා තවදුරටත් අධ්‍යනය කර ඊළඟ කැබිනට්ටුවේ දී අනුමත කිරීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී යෝජනා කර ඇතත් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.

අවසානයේ කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ එදිනම කෙටුම්පතට අනුමැතිය දී එදිනම ගැසට් කිරීමට යැවීමටයි.

 

සබැදි පුවත් – 

ද්විත්වපුරවැසි බාධකය මන්ත්‍රීවරුන්ට පමණක් නොව උසස් නිලධාරීන්ටත් පැනවිය යුතුයි – ජාතික සංවිධාන (Video)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More