ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ. මේ වනවිට ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව වෙතද යවා අවසන් බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මොරගොඩ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමේදී ඔහුට කැබිනට් බලතල ලබාදීමට නියමිත බවටද රජයට සමීප පුවත්පත් අද වාර්තා කර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුට මෙවැනි විශේෂ බලතල ලබාදීමට තීරණය කර තිබෙන්නේ පළමු වන වරටයි.
ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින ” පාත් ෆයින්ඩර් ” නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ මහතා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග එක් විය.
මිලින්ද මොරගොඩ මහතාට අමතරව චෙන්නායිහි නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරයට ආචාර්ය වී.කේ. විල්සන් මහතා පත් කිරීමටද රජය තීරණය කර ඇත. විල්සන් මහතා මෙයට පෙර ස්වීඩනයේ තානාපති ධුරය හා චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරය දැරීය.
සබැදි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...