බැසිල් රාජපක්ෂ මහතා කියන ආකාරයට 19 වැනි සංශෝධනය හදිසියේ හෝ ක්ෂණිකව ඉවත් කළ යුතු නම් ආණ්ඩුවට සහාය දෙන උතුරු නැගෙනහිර කුඩා පක්ෂ වල උපක්‍රම වලට ගොදුරු නොවී එය ඉටු කරන ආකාරය පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මැඳ මාවතක් පෙන්වා දී ඇත.
ඔහු විසින් දිවයින පුවත්පතට සපයන ලිපියක් මඟින් යෝජනා කරන්නේ අදාළ කෙටුම්පත් ගැසට් කිරීමට පෙර මහා සංඝරත්නයට සහ මහජනතාවට ඉදිරිපත්කොට ඉදිරිපත්වන යෝජනා හෝ විරෝධතා අනුව එකඟතාවයකට පැමිණ අදාළ වෙනස්කම් සහිතව පමණක් එය ගැසට් කළ යුතුය.
ඉන් පසුව කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුලත් කිරීමෙන් පසුව අධිකරණයේ මතය විමසීමෙන් අනතුරුව අධිකරණය විසින් යෝජනා කරන සංශෝධන සහිතව කෙටුම්පත නැවත අධිකරණයට සහ මහජනයාට ඉදිරිපත් කළ යුතුය.
එසේම එම කෙටුම්පතේ අඩංගු නොවන කිසිදු සංශෝධනයක් පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේදී කූඨ ලෙස ඇතුල් නොකරන බවට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විසින් සහතිකයක් ලබා දිය යුතුය.
සම්පූර්ණ ලිපිය පහතින් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...