දේශීය පුවත්

උතුරට පොලිස් – ඉඩම් බල තල නොදෙන බවට සරත් වීරසේකර මහතා විසින් සිදු කොට තිබෙන ප්‍රකාශය වර්තමාන ව්‍ය වස්ථා සංශෙෘ්ධන කථිකාව තුල ඉතා වැදගත්  නොවේද යන ප්‍රශ්නය ලංකා ලීඩ් නිව්ස් විසින් ජාතික සංවිධාන වලින් විමසන ලදි. මේ ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබා දුන් පිළිතුර ඔහුගේ වචනයෙන් –

” එතුමාගේ ප්‍රකාශය මගින් මහජනයා තුල ව්‍යාජ සුභවාදී මනසක් ඇතිවෙනවා. මේ වන තුරු පළාත්සභාවලට පොලිස් – ඉඩම් බලතල ලබා දීල නැහැ. වර්තමාන ආණ්ඩුව කොහොමත් දෙන්නේ නැහැ වැනි මතයක් තමයි හැදෙන්නේ. එවිට ඒ බල තල දෙන්නේ නැතිව වෙන සුළු දෙයක් දුන්නට කමක් නැහැ වැනි මනසක් ඇති වෙනවා. ඒක හරිම භයානකයි. ඇත්ත තත්වය අනුව දැනටමත් පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බල තල දීල තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි පවා ව්‍යවස්ථාවට ඇතුල් කරල තියෙන්නේ. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ ඊට අදාල ප්‍රඥප්ති සම්මත කිරීමට ආණ්ඩුකාරවරයා විසින් ඉඩ නොදීම නිසා. ඒ අනුව ඉතා සුළු සංශෝධනයකින් ආණ්ඩුකාරවරයා මහ ඇමතිගේ අනුකම්පාවට යටත් කළොත් ඉඩම් පොලිස් බල තල නිකම්ම ලැබෙනවා  විශේෂයෙන් දෙන්න ඕන නැහැ.”

සබැදි පුවත් – 

උතුරට ඉඩම් පොලිස් බලතල දෙන්නේ නෑ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More