උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිසේත් ඉඩ නොතබන බව නව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (13 දා) කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
13 වැනි සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඉන්දීය රජයට දැඩි බලපෑම් එල්ල කර ඇත.
උතුරු පළාත් සභාවට පොලිස් බලතල දුන්නොත් පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැසකට කැඩෙන අතර ප‍්‍රාදේශීය පොලිස්පතිවරුන් බිහිවන බවද ඒ මහතා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...