සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ අද දිනයේ සිට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි.
මේ වන විට වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව තිබේ.සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි.
අප්‍රේල් මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කරනු ලැබුවේය.
ඒ අනුව සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 90 මිලක්ද, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 85 ක මිලක් ද නියම කර තිබේ.
කෙසේවෙතත් සහල් අලෙවිසැල් හිමියන් පවසන්නේ වී මෝල්හිමියන් විසින් සහල් කිලෝවක් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ ද උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට බවයි.
එම නිසා පවතින මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සහල් වෙළඳුන් සඳහන් කළේය.
පසුගිය කාලය තුළ පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 770කට පමණ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
තවදුරටත් වෙළඳපොළ තුළ කෘත්‍රිම සහල් හිගයක් මවා පෑමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේය.
සබැඳි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...