දේශීය පුවත්

සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති.

මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම විවිධ සේවා සමූකාර සමිතිද මේ වනවිට සහල්  විකිණීමෙන් ඉවත්වී ඇතිබව කියති.

සහල් මෝල් වලින් සහල් තොග නිකුත් කරන මිල සිල්ලර මිලට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පැවැතීම මෙයට හේතුව හේතුව බව එම සිල්ලර වෙළෙඳුන්  සහ සමූපකාර සමිති ප‍්‍රධානීහු පෙන්වා දෙති.උදාහරණයක් ලෙස නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 94ක් 95ක් බවත් ලොකු,පොඩි කිසිම සහල් මෝලකින් ඒ මිලට හැර තමන්ට සහල් අලෙවි නොකරන බව ඒ වෙළෙඳුන් ප‍්‍රකාශ කළහ. එවැනි  මිලකට සහල් මිලදීගෙන රජයේ පාලන මිලට සිල්ලරට සහල් අලෙවි කිරීමට හැකියාවක් නොමැති නිසා මේ තීරණයට එළඹි බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

මේ හේතුවෙන් අද(17) පොලොන්නරුවේ ඇඳිරි නීතිය යටතේ විවෘත කරතැබීමට අවසර තිබෙන සිල්ලර වෙළඳසැල්වල පවා රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට නොතිබූ බව පාරිභෝගිික ජනතාව පැවැසූහ.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ විවිධ සේවා සමූපකාර සමිතවලට අයත් කිසිම ප‍්‍රාදේශිකයක මේ වනවිට සහල් විකිණීමට නොමැති බව පොලොන්නරුව දිස්ත‍්‍රික් සමූපකාර සමිති සංගමයේ සභාපති උපුල් අලහකෝ මහතා ප‍්‍රකාශ කලේය. සහල් තොග මිල සිල්ලර මිලට වඩා ඉහළ මට්ටමක පැවැතීම එයට හේතුව බවත් මේ තත්වය යටතේ සහල් සම්බන්‍ධයෙන් රජය පනවා තිබෙන පාලන මිල සිල්ලරට අලෙවි කිරීමේදී ක‍්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවද ඒ මහතා කීවේය. එම නිසා සහල් විකිණීම තාවකාලිකව නවතා දැමීමට සමූපකාර සමිති තීරණය කල බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

පොලොන්්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලියු.ඒ.ධර්මසිරි මහතාගෙන් මේ පිළිබඳව අප කල විමසුමකදී ඒ මහතා කියා සිටියේ සහල් වැඩි මිලට විකිණීම සම්බන්‍ධයෙන් ලැබෙන පැමිණිලි පිලිබඳව නිරන්තර සොයා බැලීමක් කරන බවත් සහල් තොග නිකුත් කිරීමේදී පාලන මිලට වඩා වැඩියෙන් මිල නියම කර ඇති බවට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මෙතෙක් අනාවරණය කරගෙන නැතැයිද ඒ මහතා කීය.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මේ වනවිට සහල් හිඟයක් පවතින බවට තමාටද තොරතුරු ලැබී තිබෙන බව දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවැසීය.

Lankadeepa

සබැඳි පුවත් – 

නිලධාරී මාෆියාව වී ගොවිතැන වැනසීමේ කුමන්ත්‍රණයක – වහා සොයා බලන්න – ආර්ථික පුනර්ජීවන කමිටුවට ජාතික සංවිධාන වලින් ආයාචනයක්

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More