දේශීය පුවත්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ට බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චනද්‍රසිරී වැලිවිට  යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

එම වෛද්‍යවරුන් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 තාක්ෂණික කමිටුවට යොමු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

මෙම වෛද්‍ය ක්‍රම පර්‌යේෂණ මගින් සනාථ කර ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආයුර්වේද වෛද්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් සොයාගත් කොවිඩ් -19 ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිත කළ බවයි.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජාතික සංවිධාන පසුගිය කාලය පුරාම රජයෙන් සහ සෞඛ්‍යය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහයෝගය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම  භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසය.

සබැඳි පෙර පුවත් –

කොරෝනා සුව කරන්න දේශීය වෙදකමට බලධාරීන් තවමත් ලිඛිත අවසරයක් දී නෑ – ඉඳුරාගාරේ හිමි

 

කොරෝනා පාලනය වුණේ ආයුර්වේද ඔසු නිසයි මේ ගැන සමහරු දන්නෙත් නෑ… සමහර දන්න අයත් නොදන්නවා වාගේ ඉන්නවා…

 

නිරෝධායන කටයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයි රජයේ වෛද්‍යෙ නිලධාරීන්ගේ සංගමයයෙන් ඉල්ලීමක් (Video)

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More