”දැන් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න පිරිස්, නිරෝධායනය වූ පිරිස් සහ ගම්වල ඉන්න සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ වගකීම අපිට භාරගන්න පුළුවන්. ඒ වගකීම අපිට භාරදෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. අපේ දක්ෂ පාරම්පරික වගේම දක්ෂ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 3000 කට වැඩි ප‍්‍රමාණයක් සේවයේ යෙදී සිටිනවා….”යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය පී.හේවාගමගේ මහතා පවසයි.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.
”කොරෝනා වෛරස් තත්ත්වය රට තුළ මේ විදිහට පාලනය කරගන්න පුළුවන් වුණේ ආයුර්වේදයේ නිෂ්පාදනය කරපු ප‍්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ රට පුරාම ගිහින් ජනතාවට බෙදපු නිසයි. ඒ වගේම ප‍්‍රතිශක්තිකරණය වැඩිකරන දේශීය කසාය පැකට්ටුවකුත් අපි ජනතාවට ලබාදුන්නා. මේ කසාය පැකට්ටුව දවස් 21 ක් බිව්වාම ඕනෑම වෛරස් රෝගී තත්ත්වයකට ශරීරය ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. මේ ගැන අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහරක් අය දන්නෙත් නැහැ. මේ ගැන දන්න අය ඒ ගැන මතක් කරන්නෙවත් නැහැ.
”නමුත් අද රටේ ජනතාව දේශීය වෙදකමට යොමුවෙලා. එදා බොහෝ දෙනෙක් පානය කරපු ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් අද කොරෝනා තත්ත්වයත් එක්ක වැඩි වැඩියෙන් පානය කරන්න පුරුදු වෙලා තිබෙනවා. අපේ දේශීය ආයුර්වේද පානයන් වන මෙන්න මේවා අපේ ජනතාව වැඩි වැඩියෙන් පානය කිරීම නිසා ඔවුන්ගේ ශරීර මේ වෛරසයට මුහුණ දිය හැකි ආකාරයට හැඩගැහිලා තිබෙනවා.
”අපි තව දෙයක් කළා. මේ කොරෝනා හේතුවෙන් ගෙවල්වල ඉතා කනස්සල්ලෙන්, ආතතියෙන් ඉන්න පිරිසට ස්වසන අභ්‍යාස වැඩසටහනක් සහ යෝග ව්‍යායාම් වැඩසටහන් කළා. ඒ වගේම ඔවුන්ව අපි දැනුවත් කළා. අදටත් ඒ කාර්ය අපි කරනවා.
”මේ කොරෝනා මර්දනය සඳහා දේශීය ආයුර්වේදය තුළින් විශාල දායකත්වයක් ලැබුණු බව කියන්න ඕනෑ. නමුත් මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය වත් කතා කළේ නැහැ. 3000කට අධික අපේ දක්ෂ ආයුර්වේද වෛද්‍ය කණ්ඩායමක් ඉන්න බව කියන්න ඕනෑ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...