දේශීය පුවත්

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඊයේ(05) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහිදී මෙරට සිටින කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අදහස් පල විය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ, අද වන විට පාරම්පරිකව ආයුර්වේද  ක්‍රම මගින් සුව කළ හැකි බව ඔප්පු කරමින් ඇති බවයි.

නමුත් මේ පිළිබඳව බලධාරීන් වාචිකව අවසර ලබා දුන්නාට ලිඛිතව පනතක් මඟින් හෝ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද උන්වහන්සේ පැවසීය.

මෙසේ සිදුවන්නේ ගුරු කුල පිළිබඳ ගැටළුවක් ඇති නිසාවෙන් බවත් පැවසු උන්වහන්සේ, අදටත් පාරම්පරික හෝ ආයුර්වේද හෝ වෙනත් ඕනෑම වෛද්‍ය ක්‍රමයක් ද්විතීක වශයෙන් සලකනු ලබන්නේ, දැනුමේ බලඅධිකාරිය නිසාවෙන් බවත් කියා සිටියේය.

බටහිර කුලාධිපත්ත්‍ය විසින් මෙම තත්ත්වය උදා කර ඇතැයි ද පැවසු උන්වහන්සේ‍් පැවසීය.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේ, දිර්ඝ කාලයක් පුරා කොරෝනා සුව කළ හැකි බව රජයට පැවසු බවයි.

නමුත් වගකිව යුතු සංවිධාන ලෙස ඉවසීමෙන් බලා සිටි නමුත් මෙම කොරෝනා වෛරසය පාලනයට අවස්ථාවක් හිමි නොවු බවත් වෛද්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරියට දේශීය වෛද්‍ය සහය ලබා ගන්නා ලෙස දැනුම් දුන්න ද එවැන්නක් සිදු නොවු බවත් ඒ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More