කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදුකරන වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ සිදුකෙරුණු අතර එම සංඛ්‍යාව 1,821ක්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, එම පරීක්ෂණවලින් 717 ක් කේෂ්ත්‍රයේ සිදු කරනු ලැබු බවයි.
නාවික සාමාජිකයින්ගේ ගම්බිම්වල ප්‍රධාන වශයෙන් මෙම කේෂ්ත්‍ර PCR පරීක්ෂණ සිදු කරන බවද පැවසු වෛද්‍යවරයා, ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ විවිධ සැලකිය යුතු ප්‍රමාණයක් කළ බවද පැවසීය.
මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල ද ඊයේ දිනය තුළ 247 ක් හා බණ්ඩාරනායක පුර , දාබරේ මාවත යන ප්‍රදේශවලින් රෝගීන් වාර්තා නොවන බැවින් දින කීපයක් ඇතුළත මෙම ප්‍රදේශ නැවත විවෘත කළ හැකි වෙනු ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
මේ අතර කොළඹ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදුකෙරෙන අතර ඒ අනුව කොළඔ 13 ජින්තුපිටිය ප්‍රෙද්ශවලින් අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් අද PCR පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබීය.
සබැඳි පෙර පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...