දේශීය පුවත්

කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇත්තේ එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම නිසා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවි කුමුදේශ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ යන විශ්වවිද්‍යාලවල රසායනාගාර මගින් සාවද්‍ය වාර්තා ලබාදීම දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව ඔහු අවධාරණය කර සිටියි.

මෙලෙස නිදර්ශක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම හිතාමතාම සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බැවින් එවැනි තීන්දු ක්‍රියාවට නංවන නිලධාරීන් පිළිබඳ සොයා බලන ලෙස එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරිනිය සහ තවත් රෝගීන් දෙදෙනකු සම්බන්ධයෙන් වූ නිදර්ශක පරීක්ෂාව සිදුකර ඇත්තේද කොළඹ විශ්වවිද්‍යාලයේ රසායනාගාරය තුළදීය. එමගින් නිකුත් කර ඇති සාවද්‍ය වාර්තා මත පදනම්ව ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇතැයි රවි කුමුදේශ් පෙන්වා දෙයි.

මෙවැනි සාවද්‍ය වාර්තා නිසා හෙද නිලධාරිනිය ඇතුළු පුරවැසියන්ට බරපතළ අසාධාරණයක්ද සිදුව ඇති බව ඔහු සඳහන් කරයි. ඉතා නිවැරදි වාර්තා නිකුත් කළ හැකි වෛද්‍ය රසායනාගාර සේවාවක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබියදීත් මෙවැනි අපහසුතාවන් ඇති වන ආකාරයට නිදර්ශක පිටත රසායනාගාරවලට යොමු කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද ඔහු අවධාරණය කර සිටියි.

පෙර සබැඳි පුවත් –

පෞද්ගලික රෝහල්වල ” කොරෝනා PCR බිස්නස් ” එකට ඉඩ – සෞඛ්‍ය බලධාරීන්ගේ යම් ගේමක්ද? – GMOA නිහඬ ඇයි – වෛද්‍යවරු ප්‍රශ්ණ කරති

 

බොරු හිඟයක් මවමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පී.සී.ආර් පරීක්ෂණ පෞද්ගලික අංශයට දෙන්න හදනවා – වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනපතිට ලියයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More