දේශීය පුවත්

කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති පී.සී.ආර් පරීක්ෂණ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර පෞද්ගලික අංශයට එම පරීක්ෂණ කටයුතු ලබාදීමට අමාත්‍යංශය විවිධ උපක‍්‍රම යොදවන බව රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් – මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

කොරෝනා වසංගතයෙහි මුල් අදියරෙහිදී ආශ‍්‍රිතයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකිරීම,වෛරසවේදී රසායනාගාර දිවයින පුරා ස්ථාපිතව තිබියදී වෛද්‍ය පර්යේෂණ ආයතනය පමණක් ඒ සඳහා භාවිතා කිරීමට උත්සාහා දැරීම, ජාතික බෝවන රෝග විද්‍යාතනයෙහි කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම අධෛර්යමත් කිරීම,සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පී.සී.ආර් පරීක්ෂණය සිදු කිරීමේ යන්ත‍්‍ර වල හිඟයක් පවතින බව ඇඟවීමට උත්සාහා දැරීම ඇතුළු කරුණු රැුසක් ඉදිරිපත් කරමින් මෙම අවභාවිතාව සිදුකරන බවද ඒ මහතා සිය ලිපියෙහි සඳහන්කර ඇත.

මෙම අවභාවිතය සම්බන්ධව දීර්ඝ ලෙස කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙත ඔහු සිය ලිපිය යොමුකර තිබේ.

කොළඹ දිස්ත‍්‍රික්කය තුළ කොරෝනා හඳුනාගැනීම සඳහා පහසුකම් සැපයිය හැකි සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රසායනාගාර 5 ක් (වෛද්‍ය පර්යේෂණ ආයතනය, මහරගම අපේක්ෂා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, ජාතික රුධිර මධ්‍යස්ථානය, ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්ධන ව්‍යාපාරය* තිබියදී, ඊටත් අමතර වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාලව කොළඹ හා ශ‍්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාල වල පර්යේෂණ රසායනාගාර දෙකක් මෙම පරීක්ෂණ කටයුතු සිදු කරමින්පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සියල්ල සඳහා දැනට ලැබෙන නිදර්ශක ප‍්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතියදී කොරෝනා රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම පොද්ගලික රසායනාගාර 4ක් වෙත නිදර්ශක යොමු කිරීමට උත්සහ දැරීම බරපතල තත්ත්වයක් බවත් ඔහු සිය ලිපිය මගින් පෙන්වාදී ඇත.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කරන ලෙස ද පෞද්ගලික අංශය වෙත නිදර්ශක යොමු කිරීමට පෙර අවම වශයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ උපරිම ධාරිතාවය සම්පූර්ණ කිරීම සඳහාත් ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඇතුළු කොළඹ අවට අදාල ආයතනයන්හි එම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම

සඳහා කටයුතු කරන ලෙසත්,‍රසායනාගාර පිරීක්ෂණ සිදු කිරීම වේගවත් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් රවි කුමුදේශ් මහතා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

සබැඳි පුවත් –

පෞද්ගලික රෝහල්වල ” කොරෝනා PCR බිස්නස් ” එකට ඉඩ – සෞඛ්‍ය බලධාරීන්ගේ යම් ගේමක්ද? – GMOA නිහඬ ඇයි – වෛද්‍යවරු ප්‍රශ්ණ කරති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More