‘කෝවිඞ් – 19’ වෛරස් ව්‍යාප්තිය ඉදිරියේදී වර්ධනය වුවහොත් දිනකට පී.සී.ආර් පරීක්ෂණ හයදහසක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ඊයේ (01 වැනිදා) දැනුම් දී ඇත.
මෙම වෛරසය පාලනය කිරීම පිණිස ගතයුතු විශේෂිත ක‍්‍රියාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ ක‍්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව ඊයේ (01 වැනිදා) රැස්වූ අවස්ථාවේ දී ඒ බව දැනුම් දී තිබේ.
මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාර පහළොවක සිදු කෙරේ.
රසායනාගාරවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන ආරක්ෂක අංශයේ කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය ක‍්‍රමවේදයක් සකසන මෙන් මෙහිදී සෞඛ්‍ය ඇමැතිවරිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එසේම ඉදිරියේ දී හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් එම ප‍්‍රදේශවල වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය හා ආරක්ෂක කාර්ය මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ විධිමත් ක‍්‍රමවේදයක් සකස් කරන මෙන් ද ඇමැතිවරිය අදාළ නිලධාරීන්ට වැඩි දුරටත් උපදෙස් දී ඇත.
පෙර සබැඳි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...