ප‍්‍රධාන පුවත්

පළාත් පාලන ඡන්දය ලබන වසරේ

September 13, 2017 12:59 am | Lanka Lead News

පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“ජනවාරි 6 , 20 හා 21 වැනි දා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් තෝර ගන්න අවස්ථාව දීම අවශ්‍යයි. ඒ වගේම පනත අනුව අපේක්ෂක නාම ලේඛන වලට 25 %ක් කාන්තා නියෝජනයක් අනිවාර්ය වී තිබෙනවා.නැතහොත් එම න්‍ාම ලේඛන ප්‍රතික්ෂේප වෙනු ඇති “

ඒ මහතා මේ බව පැවසුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඊයේ (12) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති උත්සවයකදී ය.

ආසියානු කලාපයේ සියළුම රටවල මැතිවරණ දෙපාර්තමේන්තු, කොමිෂන් සභා නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහා සමුළුවක් 2018 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සැලසුම් කර ඇති අතර එහි අවබෝධතා ගිවිසුම මෙහිදී අත්සන් කෙරිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More