දේශීය පුවත්

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු බව හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ. 1995 දී නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ ලෙස ආරම්භ වූ එම පක්‍ෂය 2009 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ලියාපදිංචි කර තිබේ.

ඒ වන විට ශලීල මුණසිංහ විසින් මෙරට ජාතික හැඳුනුම්පතක්‌ මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර, ඉන්පසු පක්‍ෂ නායකයකු ලෙස මැතිවරණ දෙපාර්ත්මේන්තුවේ රැස්‌වීම්වලට ද සහභාගි වී තිබේ. කෙසේ වෙතත් ඒ කිසිදුÊඅවස්‌ථාවක තමන් විදේශ පුරවැසියකු බව මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවට නොපැවසූ බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පවතින නීතිය හා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මැතිවරණ කොමිසම විසින් 19 වැනිදා සිදුÊකරන බව කී සභාපතිවරයා රටේ නීති පැනවීම හා නීතිය අර්ථ දැක්‌වීම මැතිවරණ කොමිසමට අයත් කාර්යයක්‌ නොවන බව ද කීය.  රටේ වර්තමාන නීතිය අනුව ජනාධිපතිවරණය සඳහාත් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහාත් විදේශ පුරවැසියකුට තරග කළ නොහැක.



සම්බන්ධ පෙර පුවත්

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More