දේශීය පුවත්

පුංචි ඡන්දය දෙසැම්බර්

August 18, 2017 5:44 am | Lanka Lead News

පළාත් පාලන මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියළුම අංශවල නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් රජය මෙම තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව මහ නගර සභා 23 ක, නගර සභා 41 ක සහ ප්‍රදේශීිය සභා 271 ක යනාදී පළාත් පාලන ආයතන 335 ක මැතිවරණය  පැවැත්වීමට නියමිත අතර කොට්ඨාශ ක්‍රමය යටතේ ප්‍රථම වතාවට මෙම මැතිවරණය පැවැත්වේ.මෙවර අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඊට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කටයුතු මෙහෙයවෙන අතර එක්සත් ජාතික පක්ෂයේ දවෛනි පෙළ නායකත්වයට බලය පවරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වන බව ආරංචි මාර්ග අනාවරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More