නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් “එළිය” නමින් සංවිධානයක් එළි දැක්‌වීමට නියමිතව තිබේ.
ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය මේ මස 06 වන දා බොරලැස්ගමුවේ දී පැවැත්වීමට නියමිතයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙන්ම වෙනත් දේශපාලන නායකයන් සහ විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වීමට නියමිත බව සඳහන් වේ.
පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි, විමල් තිරිමාන්න පියතුමා, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජනරාල් කමල් ගුණරත්න, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක, විශේෂඥ වෛද්‍ය සීනා අරඹේපොල ආදීන් මෙම සම්මන්ත්‍රණය අමතනු ඇති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනතුර පිළිබඳ විද්වත් කතිකාවක් ලෙස මෙය නම් කර ඇති අතර ව්‍යවස්ථාවේ යෝජිත වෙනස්කම් ගැන අදහස් ඉදිරිපත් වනු ඇති.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...