දේශීය පුවත්

වියත්මග සංවිධානය මගින් පවත්වනු ලබන දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවේ ත්වත් සම්මන්ත්‍රණයක් ඊයේ ගම්පහදී ගෝඨාබය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් 600 කට අධික වෘතිකයින්ගේ, අධ්‍යාපනඥයින් හා ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වින.

ආචාර්ය නාලක ගොඩහේවා විසින් වත්මන් ආර්ථික අර්බූදයට හේතුන්ද , වෛද්‍ය වසන්ත බන්ඩාර විසින් රට මුහුනදී ඇති ව්‍යවස්ථා උගුල ගැනද, අනුරාධා යහම්පත් මහත්මිය විසින් ජිනීවාවල අප මුහුනපා ඇති තත්වය ගැනද මේජර් ජෙනරාල් කමල් ගුනරත්න විසින් රජය අතගසා ඇති රණවිරු දඩයම ගැනද දීර්ඝ වසයෙන් පහදා දුන්හ.

ඉතා වටිනා කාලීන සමාජ ආර්ථික විවර්ණයන් තුලින් මේ කථිකයින් සියලුදෙනාම ඉල්ලා සිටියේ අද රට මුහුනපා තිබෙන ඛේදනීය තත්වයෙන් මුදවාගෙන දැයේ දරුවන්ට අනාගතයක් ගොඩනැගීම සඳහා පටු දේශපාලන මති මතාන්තර ඉවතලා රටට ආදරය කරන බුද්ධිමත් පුරවැසියන් දැන්වත් එකතු විය යුතු බවයි.

කුමන්ත්‍රණකාරි ලෙස අප මත පටවන්නට උත්සාහ කරන බෙදුම්වාදී ව්‍යවස්ථාව පැරදවීම මේ අවස්ථවේ ජාතිය හමුවේ තිබෙන විශාලතම අභියෝගය බවත්, යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රට බෙදන ව්‍යවස්ථාවට පක්ෂව අත උස්සනවානම් එය ජාති ද්‍රෝහී කමක් බවත් , ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුව තුලම පරාජය කිරීම සඳහා මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් සිටින සියලූම ජනතා නියෝජිතයින්ට ඔවුන්ගේ ඡන්දදායකයින් විසින් බල පෑම් කල යුතු බවත් මෙහිදී පෙන්වා දුන්හ.

මෙහිදී ගෝඨාබය රාජපක්ෂ මහතා මතක් කර දුන්නේ අද නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට මූලිකව කටයුතු කරන්නේ එදා සාම ගිවිසුම් වලින් රට පාවා දෙන්නට උත්සාහ කල, එය අතපසු වූ පසු දිගින් දිගටම ත්‍රස්ථවාදයට එරෙහි ශ්‍රී ලංකා හමුදා ජයග්‍රහණයන් අවමානයට ලක් කල, යුද්ධයට එරෙහිව විදේශ රටවල් සමඟ කුමන්ත්‍රණය කල පිරිසම බවයි.

රාජපක්ෂ මහතා ඇසුවේ නව ව්‍යවස්ථාව පිටුපස ඇති චේතනාව පිරිසිදු නොවන බව වටහා ගැනීමට තවත් උදාහරණ අවශ්‍යද කියායි.

– චාමින්ද කරුණාරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More