ක්‍රීඩා පුවත්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 216ක් පමණි.
ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220ක් ලබාගැනීමට සමත් විය.
එහිදී සිකර් දවාන් නොදැවී ලකුණු 132ක්ද විරාට් කෝලි නොදැවී ලකුණු 82ක්ද ලබාගැනීමට සමත් විය.


UPDATE : ශ්‍රී ලංකා ඉනිම ලකුණු 216කට සීමා වෙයි (08/20/2017 – 17:52)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් යුක්ත එක්දින තරගාවලියේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.2ක් තුළ සියලුම දෙනා දැවී ලබාගැනීමට සමත් වූයේ ලකුණු 216ක් පමණි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබාගැනීමට සමත් විය. අනෙක් කිසිදු ක්‍රීඩකයකු ලකුණු 50 සීමාව තෙක් පැමිණීමටවත් සමත් නොවීය.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 35කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 35ක්ත් උපුල් තරංග ලකුණු 13කටත් දැවී ගියා. නොදැවී පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී අක්ෂාර් පටෙල් ලකුණු 34කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. කේදර් ජාදෙව්, යුශ්වෙන්ද්‍ර චාහල් සහ ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා පන්දුවාර 50ක් තුළදී ඉන්දීය කණ්ඩායම ලකුණු 217ක් ලබාගත යුතු වනවා.
තරගය මේ වන විට පැවැත්වෙන්නේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

 


කාසියේ වාසිය ඉන්දියාවට – පන්දුවට පහරදීම ලංකාවට [ 08/20/2017 – 14:04]

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු රැකීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළා.
තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් සුළු මොහොතකින් ආරම්භ වනවා.

දඹුල්ලේ අද පැවැත්වෙන තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණඩායම මෙසේයි.
උපුල් තරංග (නායක)
දුෂ්මන්ත චමීර
අකිල ධනංජය
වනිදු හසරංග
නිරෝෂන් දික්වැල්ල
විශ්ව ප්‍රනාන්දු
ධනුෂ්ක ගුණතිලක
චාමර කපුගෙදර
ලසිත් මාලිංග
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
තිසර පෙරේරා
මලින්ද පුෂ්පකුමාර
ලක්ෂාන් සඳකැන්
මිලින්ද සඳරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More