දේශීය පුවත්

තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) ආවේගශීලීව සිය ප්‍රතිචාරය පළ කළේය.

ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන වකුගඩු රෝගය වැනි රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා “පළිගනිමින් සිටින” බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී දැඩි ස්වරයෙන් සඳහන් කළේය.

පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සහ ඉන් අනතුරුව කිහප වතාවක්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කර තිබුණි.

“දැන් එතුම තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් කොහෙද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කොරන්න වෙලාවක් තියෙනවයි,” අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සහ බුද්ධ ශාසනයට සිදු වූ “හිරිහැර සහ අසාධාරණ” සම්බන්ධයෙන් අදහස් පළකරන විට “ජාතිවාදීන්” සහ “ගෝත්‍රිකයන්” ලෙසින් විවේචන එල්ල කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජාතික සම්පත් රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විට ද එවැනිම චෝදනාවලට ලක්වීමට සිදුවෙන බවය.

“අපේ රටේ තිබුණු රුදුරු ත්‍රස්තවාදය අවසන් කරපු අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ දාල පෝරකයට ගෙනයන්න දෙන්නේ නෑ කියල කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකය,” අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

“අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන ස්ථාවරය ගන්න කොට, ඒකට දේශපාලන ඇගිලි ගැසීම් කරන්න එපයි කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා.”

“අධිරාජ්‍යවාදී වහල්ලු විදියට දීන මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිව ඉන්න නිවට දේශපාලනඥයන්,” ලෙසින් ඔහු විග්‍රහ කළ පිරිසක් ද එහිදී අධිකරණ ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන නමින් සඳහන් නොකළ නමුත්, “මට රකින්න බූදලයක් නැත, ඔටුනු පළඳින්න කුමාර කුමාරියන් නැත,” යන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දැක්වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, “ඒ සාපෙ තමයි අපි මේ ගෙවන්නේ,” යනුවෙන් ද සඳහන් කළේය.

“එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා.”

එවැනි “හැඟීමක් නැති පාලකයන්” සහ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉතා ආවේගශීලීව විවේචන එල්ල කළ නමුත් සිය ප්‍රකාශය ඇතුළත ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය.

මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු සිවිල් සමාජය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කිරීමට ඉඩ තිබෙන බව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා සඳහන් කළේය.

අමාත්‍ය රාජපක්ෂගේ පුත්‍රයෙක් ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරියෙකු ලෙසින් ජනාධිපතිවරයා යටතේ සේවය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසින් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අදාළ අමාත්‍ය පදවි සඳහා නිර්දේශ කරනු ලැබුවේ සහ රටේ ප්‍රධානම පදවි සම්බන්ධ තීන්දු ගන්නා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා වශයෙන් පත්කරනු ලැබුවේත් අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

ඒ පිළිබඳව කළ විමසීමකදී එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර් සඳහන් කළේ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එදා දැරූ ස්ථාවරය මේ මොහොතේ වෙනස් වී තිබිය හැකි බවය.

සෙනසුරාදා සිය අදහස් දැක්වීම අතරතුර දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කළ නමුත්, අධිකරණ අමාත්‍යවරයා අගමැතිවරයා සම්බන්ධයෙන් නමින් කිසිදු සඳහනක් නොකළේය.

අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ඔවුන් දෙදෙනාම මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත.

– BBC

සිංහලේට බොදු බලේට බුරන බල්ලන්ට හොර ගොන් අලියන්ට විජේදාසගෙන් දැ…

අද සිංහලයො ගැන කථා කරන මිනිහා ගෝත්‍රිකයිලු..! ශාසනය රකින්න කථා කරන්නෙ ගෝත්‍රිකයොලු..!එහෙම චෝදනා කරන මිනිස්සුන්ට අම්මෙක් අප්පෙක් ජාතියක් නෑ..!!!සිංහලේට බොදු බලේට බුරන බල්ලන්ට හොර ගොන් අලියන්ට විජේදාසගෙන් දැනෙන්න පිළිතුරු..!

Posted by සිංහපුතුන් on Saturday, August 19, 2017



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More