දේශීය පුවත්

දඹුල්ල නගරයේදී පසුගිය 09 වෙනිදා සිදුවුුු නිවාස ගිනි තැබීම් සඳහා නායකත්වය සැපයූවේ යැයි චෝදනා ලැබ සිටින දඹුල්ල මහ නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්‍රී පියතිලක මහතා දඹුල්ල පොලිසියට ඊයේ භාර වී ඇති බව වාර්තාවේ. ගාලු මුවදොර පිටියේ පැවැති විරෝධතාවයන්ට සහභාගි වූ පිරිසට පසුගිය 09 වෙනිදා පහර දීමත් සමඟ දඹුල්ල ප්‍රදේශයේ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන්ගේ නිවාස සහ දේපල වලට පහර දී ගිනි තැබීම් වලට දායක වී ඇති බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ.

පොලිසියට භාරවූ මන්ත‍්‍රීවරයා දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය. ජවිපෙ මන්ත‍්‍රීවරයාද ඇතුළුව 20ක පමණ පිරිසක් මේ වන විට දඹුල්ල පෙලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් පිරිසෙන් කිහිප දෙනෙක් පසුගිය 16 වෙනිදා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බණ්ධනාගාරගත කළ බවද වාර්තාවේ.

පසුගිය 9 වෙනිදා ටෘත් විත් චමුදිත වැඩසටහනට සහභාගි වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසා සිටියේ ගාලු මුවදොර පිටියේ ප්‍රහාරය ආරංචිය ලැබුණු වහාම “ජවිපෙ සාමාජිකයන්ට දඩ බඩ දඩ බඩ ගා පාරට බහින ලෙස දුරකථන පණිවිඩ ලබා දුන් බව පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සමාජ විද්‍යාඥයෙකු පවසා සිටියේ,”මෙය ලිබියාව ඇතුලු අරාබිය පුරා පැතිරී ගිය සමාජ මාධ්‍යය ජාලා මගින් ප්‍රචන්ඩත්වය වපුරා එම රටවල රාජ්‍යය බිඳ වැට්ටවීමේ බටහිර අධිරාජ්‍යවාදී රටවල කුමන්ත්‍රණ ක්‍රියාවලියේ ශ්‍රී ලාංකා සංස්කරණය  බවයි. එම රටවල ප්‍රචන්ඩත්වය වැපිරීමට පුරවැසියන් මෙහෙය වීමට ඩොලර් මිලියන ගනන් වැය කිරීමට  ඔවුන්ට සිදු වූවා. නමුත් මගේ ඇස්තමේන්තුවේ හැටියට එම රටවල වැය කළ මුදලින් දහයෙන් එකක්වත් ඔවුන් ශ්‍රී ලංකාවේදී වැය කළේ නැහැ. මැයි 9 වෙනිදා සහ ඊට ආසන්න දිනවල පැතිරී ගිය ප්‍රචන්ඩත්වයට ජවිපෙ නම ගෑවීම සලකා බලන විට “කම්පන චිකිත්සාව (Shock Therapy ) මගින් සමාජය හිරි වැට්ටවීමේ සිද්ධාන්තය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට විශාල දායකත්වයක් දැක්වූවා. එම දායකත්වයට කෘතගුණ සැලකීමට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය නව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට සුභ පතා අවසන් වූ සැනින් ජවිපෙ මූලස්ථානයටම පැමිණියා. ජවිපෙ සාමාජිකයා පෙරලා කිසිදු ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වීමකින් තොරව අමෙරිකාවේ අභිලාශය ඉෂ්ඨ කර ඇති බව එයින් මනාව පැහැදිලියි.”

ජවිපෙ දඩ බඩ ගාලා රටට කරපුදේ ලාල් කාන්ත කියයි

අපේ ගෙවල් වලට ගිනි තිබ්බේ ජවිපෙ ක්‍රියාධරයන්- පොහොට්ටු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී චෝදනා කරති

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More