පසුගිය 9 වෙනිදා ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට පහර දුන් පිරිසට මග රැක සිට පහර දීමට කටයුතු කරනු දක්නට ලැබුණි. මේ සමබ්න්ධයෙන් ” ටෘත් විත් චමුදිත” අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් ලාල් කාන්ත මහතා පවසා සිටියේ තමන් විදුලි බල මණ්ඩල වෘත්තිය සමිතියේ රන්ජන් ජයලාල්ටත් තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයන්ටත් පිරිස රැගෙන එන ලෙසට “දඩ බඩ ගා” පණිවිඩ ලබා දුන් බවයි. එලෙසම තමන් විසින්ද රටේම සිටින තම සාමාජිකයන්ට පාරට බැස උද්ඝෝෂණ කරන ලෙස දැනුම් දුන් බවද පවසා සිටියේය. ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මැයි 9 වෙනිදා ගැටුම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ගැටුම් කළමනාකරණ විශේෂඥයෙකු පවසා සිටියේ මැයි 9 වෙනිදා ගාලු මුවදොරට පිරිස් යැවීමට පිරිස් මෙහෙයවීමට උපදෙස් දී ඇත්තේත් එම පහර දුන් පිරිස පලා යද්දී නගර වල, අධි වේගී මාර්ගවල රැක සිට පහර දීමට මෙහෙයවා ඇත්තේත් එකම තැනකින් ලැබෙන උපදෙස් මතයි කියන සැකය මතු වෙනවා. අනිත් අතට ලාල් කාන්ත මහතාගේ කතාවෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ මුල සිටම ගැටුමකට සුදානමින් පිරිස් ස්ථානගත කර තබා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...