අද (02)දහවල් දෙරණ රූපවාහිනී නාලිකාවේන් විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලා සිටියේ සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙසයි.
දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ (01) සිට යළි සංචාරකයින්ට විවෘත කෙරුණු අතර ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
මේ සම්බන්ධයෙන් අණතුරු අඟවන මහාචාර්යවරයා පවසා සිටියේ දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවා තිබියදීත් දකුණු අප්‍රිකානුවන්ට මෙරටට පැමිණීමට මෙතෙක් කිසිදු තහනමක් පැනවීමට බලධාරීන් කටයුතු කර නැති බව පෙන්වා දුන්නේය. ඒ අනුව රට තුළට දකුණු අප්‍රිකානුවන් ගෙන්වීම සැබවින් ම අනතුරුදායක තත්ත්වයක් බව ජේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කළේය.
එතුමා වැඩසටහන අතර තුර අදහස් දක්වමින්,“ගුවන් තොටුපොළ විවෘතයි. වැඳලා කියන්නම් කොවිඩ් වෛරසයේ භයානක ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයින් ගෙන්වන්න එපා. ඉන්දියාවයි වියට්නාමයයි ගුවන් මගීන් ගෙන්වන ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා. නමුත් දකුණු අප්‍රිකාව ඒ ලයිස්තුවට ඇතුළත් කරලා නැහැ. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් රතු ලයිස්තුවක් සකස් කර තිබෙනවා.ඒ ලයිස්තුවම අපටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් කාරණය තමයි එංගලන්තය, චීනය වැනි රටවල මිනිස්සුන්ට මේ ප්‍රශ්නය නැහැ. එංගලන්තයේ සියළු දෙනාම එන්නත් කරලා තියෙන්නේ. දැනට ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න . අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.” යනුවෙන් පැවසුවේය.
කෙසේ වුවද කොවිඩ් දෙවෙනි රැල්ල පැවැති වකවානුවේ යුක්‍රේන සංචාරකයන් මෙරටට රැගෙන ඒම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ විට ඒ මහතා පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරකට සංචාරකයින් ලක්ෂ විස්සක්වත් රැගෙන එන්නේ නොමැතිව සංචාරක ව්‍යාපාරය ගොඩනැංවිය නොහැකි බැවින් ඒ සඳහා සක්‍රිය ලෙස මැදිහත් වන ලෙස තමාට උපදෙස් දුන් බවයි. ඒ අනුව සංචාරකයන් රැගෙන ඒමට තමා මැදිහත්ව කටයුතු කළ බව ප්‍රකාශ කළේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ යුක්‍රේන සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසය ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වන්නේ දැයි අත්හදා බැලීම් කළ බවයි. එසේම යුක්‍රේනය වැනි කොවිඩ් වෛරසය ආසාදිතයන් බහුලව වෙසෙන රටකින් සංචාරකයන් ගෙන ආවේ ඔවුන්ගෙන් ශ්‍රී ලංකාව තුළ පැතිරෙනවාද යන්න බලා ගැනීමට බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...