පසුගිය ජනවාරි මාසයේ දී යුක්‍රේන ජාතික සංචාරකයන් පිරිසක් ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්වයේදී එවකට සිටි සංචාරක මණ්ඩලයේ සභාපතිනි ක්‍රිමාලි ෆර්නැන්ඩෝ මහත්මිය සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ සංචාරක මණ්ඩලය, යුක්‍රේන ජාතික සංචාරකයන් ලංකාවට පැමිණීම සහ ඔවුන් “සංචාරක බුබුලු” ක්‍රමයට රට තුළ සංචාරය කරන බව දැන ගත්තේ මාධ්‍යය වාර්තා වලින් පමණක් බවයි.
මේ සම්බන්ධව එම දිනවල පලවූ මාධ්‍යය වාර්තා මගින් ප්‍රශ්න කර සිටියේ ශ්‍රී ලංකාව දෙවෙනි කොරෝනා වෛරස් ආසාදන රැල්ල සම්පූර්ණයෙන් නිවා දැමීමට අසමත්ව දිනකට වෛරසය ආසාදිතයින් 600- 800 ත් තරම් ඉහළ කොරෝනා ආසාදිතයන් හමුවවන තත්වයක් තුල යුක්‍රේනය වැනි කොරෝනා ආසාදිතයන් බහුලව හමුවන දුප්පත් සංචාරකයන් සිටින රටකින් සංචාරකයින් ගෙන්වා සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීමට ගන්නා ප්‍රයත්නයේ ඇති ඵලදායිත්වයයි.
මෙම ප්‍රශ්න කිරීම් ඉතා තීව්‍ර වූ තත්වයක් තුළ බැසිල් රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන්ට පැමිනියේය. එතුමා එම වැඩසටහනට සහභාගී වී දැක්වූ අදහස් මේ දිනවල සමාජ ජාල තුළ හුවමාරුවේ. එම වීඩියෝ “ක්ලිප්” තුළ එතුමා එහිදී එතුමා අවධාරණය කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරකට සංචාරකයින් ලක්ෂ විස්සක්වත් රැගෙන එන්නේ නොමැතිව සංචාරක ව්‍යාපාරය ගොඩනැංවිය නොහැකි බැවින් ඒ සඳහා සක්‍රිය ලෙස මැදිහත් වන ලෙස උපදෙස් දුන් බවයි. ඒ අනුව සංචාරකයන් රැගෙන ඒමට තමා මැදිහත්ව කටයුතු කළ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු අවධාරණය කළේ සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසය ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වන්නේ දැයි අත්හදා බැලීම් කළ බවයි. යුක්‍රේනය වැනි කොවිඩ් වෛරසය ආසාදිතයන් බහුලව වෙසෙන රටකින් ගෙන ආවේ ඔවුන්ගෙන් ශ්‍රී ලංකාව තුළ පැතිරෙනවාද යන්න බලා ගැනීමට බවද එතුමා චමුදිත සමරවික්‍රම මාධ්‍යයවේදියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටියේය.>එදා බැසිල් රාජපක්ෂ මහතා යුක්‍රේන සංචාරකයන්ගෙන් කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වන්නේ දැයි කළ පර්යේෂණය අතිශය සාර්ථක වී ඇති බව ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ දැනට විදේශගතව සිටින වසංගතවේදය සම්බන්ධව විද්වතෙකු පවසා සිටියේය. එහිදී ඔහු අවධාරණය කර සිටියේ 2015 ට පෙර තමාගේ වැඩිමහළු සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ කළ අත්හදා බැලිම් වලින් එතුමාට ජනාධිපති පදවිය පවා අහිමිව ගොස් රට විශාල වශයෙන් වන්දි ගෙවූ බවයි. එසේම මෙවර කොවිඩ් වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම මගින් තම බාල සහොයුරා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල අමාරුවක වැටී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දැනට විශ්‍රාම සුවයෙන් පසුවෙන වාමාංශික දේශපාලනයේ පතාක දේශපාලන යෝදයෙකු අප වෙත පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා අත්හදා බැලීම් කරන්නට ගොස් 2015 දී රටත් මහින්ද රාජපක්ෂ මහතාත් අමාරුවේ දමා පලාගිය ආකාරයටම 2021 දී රට මළ ගෙයක් කර ගෝඨාභය රාජපක්ෂ මහතා අමාරුවේ දමා පලා ගොස් ඇති බවක් දක්නට ලැබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...