2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමට රජය සැරසෙයි.
ඒ අනුව, හෙක්ටයාර් 500,000කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට පියවරගන්නා බව අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසිනි.
කැබිනට් නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් එම පොහොර අවශ්‍යතාවයන් රජයට අයත් පොහොර සමාගම් හරහා ආනයනය කෙරෙන බවය.
අනතුරුව එම කාබනික පොහොර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදාහැරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමුකරන ජාතික සංවිධාන එකමුතුව පැවසුවේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ජනාධිපතිතුමන්ගේ සද්භාවය අහෝසි බන බැවින් කිස්සේත්ම ඊට ඉඩ නොදෙන ලෙසය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...