පසුගියදා දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගැනීමට අමෙරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ මහතා නැවත ලංකාවට පැමිණ ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තාවේ.
බැසිල් මහතා ශ්‍රි ලංකාවට පැමිණ දිනකිහිපයක් ගතවී තිබුණද කිසිදු නිල කටයුත්තකට හෝ ප්‍රසිද්ධ මාධ්‍යයට පෙනී සිටීමට මෙතෙක් කටයුතු කර නැත.
කෙසේ වුවද බැසිල් රාජපක්ෂ මහතා විදේශ රටක සිට ලංකාවට පැමිණ අයෙකු අනිවාර්යෙන්ම ලක් විය යුතු දින 14 ක ස්වයං නිරෝධායන කාල පරිච්ඡේදය ගත කරමින් සිටින බැවින් ඒ මහතා ප්‍රසිද්ධියේ පෙනී නොසිටිනවා විය හැකි බව තතු දත් ආරංචි මාර්ග පවසති.
ඒ මහතාගේ පිටත්ව යාම සම්බන්ධයෙන් නාමල් රාජප්ක්ෂ මහතා සහ චමල් රාජපක්ෂ මහතා එකිනෙකට පරස්පර හේතු ඉදිරිපත් කරණු ලැබීය.
සමාජ මාධ්‍යය ජාලාවල බැසිල් රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ගමන දැඩි විවේචනයට බඳුන් වී තිබුණි. ආර්ථික කටයුතු සම්බන්ධව ජනාධිපති උපදේශකයාව හිඳිමින් රටෙහි කොවිඩ් වෛරසය පැතිරීම තීව්‍ර වෙමින් තිබියදී බැසිල් රාජපක්ෂ මහතා එසේ අමෙරිකාව බලා පිටත්වයාම සමාජ මාධ්‍යය ජාලා වල විවේචනයට ලක්විය.
මේ අතර ඒ මහතා විසින් යුක්‍රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ඔවුන්ගෙන් වෛරසය ශ්‍රී ලාංකිකයන්ට බෝවෙනවාද යන්න පරීක්ෂා කිරීමට බව පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකදී පැවසීමද සිංහල අවුරුදු කාලය තුළ රට තුළ කොවිඩ් වෛරසය පැතිරීම වලක්වාලීමට දැඩි සංචරණ සීමා පැවරීමට ඉඩ නොදුන්නේ ඔහු බවටද සමාජ මාධ්‍යය තුළ ප්‍රභල මතයක් ගොඩ නැගී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...