ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වූයේ පෞද්ගලික හේතුවක් මත බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා සති තුනක කාලයක් ඇතුලත නැවත ලංකාවට පැමිණෙනු ඇති බවයි.
අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීම පිණිස විදේශගත වූයේ දැයි මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “එතුමාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිසිදු අසනීපයක් තිබුනේ නැහැ. ඊයේ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණ අවස්ථාවේදීත් රටින් පිටව යන අවස්ථාවේදීත් කිසිම ලෙඩක් ඔහුට තිබුණේ නැහැ.” යනුවෙන් පවසා සිටියේය.
නමුත් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉඟි කරණ ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස් ගත වූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...