දේශීය පුවත්

සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය පිළිබඳව අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා ස්ථවිර විසින් නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයයි.

සේරුවිල රජමහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමි පානන් වහන්සේ 2021.05.11 දින හදිසියේ අපවත් වීම හේතුවෙන් මෙම විහාරස්ථානයේ පුරප්පාඩුවක් වූ විහාරාධිපති ධුරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2021.05.12 වන දින කලපළුවාව ගෝතම තපෝවනය දී පැවති විධායක සංඝ සභාව මගින් විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට මා පත් කරනු ලැබීය.

විධායක සභාව මගින් ගනු ලැබූ තීරණ තීරණය බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාට දැනුම් දීමෙන් අනතුරුව එම පත්වීම පිළිගනු ලැබූ බවට බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා 2021.05.18 දිනැති බෞද්ධ කොමසාරිස් විහාර දේවාලගම් පනතේ-13-30-005(iii) දාතමින් යුත් ලිපිය මගින් මා වෙත දැනුම් දී ඇත. ඒ අනුව 2020.15.18 වැනි දින සිට බලපවත්වන පරිදි සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ලෙස කටයුතු කරන බව මහජනතාවට දැනුවත් වීම සඳහා ප්‍රකාශ කරමි.

එසේ වුවද පූජ්‍ය අළුදෙනියේ සුබෝධි නැමති භික්ෂූණ්වහන්සේ විසින් සේරුවිල සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පෙනි සිටිමින් කටයුතු කරමින් වංචනික ලෙස ගම්වාසින්, බැතිමතුන් මහජනතාව නොමග යවමින් කටයුතු කරන බවත්, තමන් විහාරාධිපති භික්ෂූන් වහන්සේ ලෙස කටයුතු කරන බවට රාජ්‍ය නිලධාරීන් දැනුම් දීමක් සිදු කර ඇති බවට මා වෙත වාර්තා වී ඇත.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයට අයත් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරයෙහි නාමය අයුතු ලෙස සහ අනිසි ලෙස අනීතික ව භාවිත කරමින් සිදු කරගෙන යන ශාසන විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා ගෙන් සහ පොලිස්පති තුමා ගෙන් ඉල්ලීමක් මා විසින් සිදු කරනු ලැබ ඇත.

සේරුවිල මංගල රජමහා විහාරාධිපති ධූරය මා විසින් දරනු ලබන බවත් මා හැර අන් කවර හෝ භික්ෂුන් වහන්සේ කෙනෙකු විහාරාධිපති ධූරය සදහා පත් කර නොමැති බවත් මහජනතාවගේ දැනුම්වත් වීම පිණිස කාරුණිකව දන්වා සිටිමි.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහනායක සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා ස්ථවිර.

මෙම ක්‍රියාවලිය සම්බන්දව දායක සභාවේ සාමාජිකකෙු අප වෙත එවා තිබු ලිපියක් පහත දැක්වේ.

කිරිබත්ගොඩ ඤාණාන්ද හිමිගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වියදම ගොඨාභය අලි සබ්රි සමග එක්ව සේරුවිල මංගල රජමහා විහාරයෙන් ගෙවයි,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More