පුරවැසි කොලම

කාවණ්තිස්ස මහ රජුන් විසින් තනන ලද උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින සහ කකුසඳ, කොණාගම සහ කාශ්‍යප යන බුදුරාජණන් වහන්සේලාගේ සර්වඥ ධාතු තැම්පත් කර චෛත්‍ය ඉදිකර තිබූ බව ඉතිහාසයේ සඳහන් සේරුවිල මංගල රජමහා විහාරයට ක‍්‍රි. පූ. දෙවන සියවසේ එල්ල වූ චෝල පාණ්ඩව ආක‍්‍රමණයෙන් පසු එල්ල වන ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට මුහුණපෑමට සිදුව ඇත.

ඉතිහාස කතාව

1922 දී නටඹුන්ව ගිය සේරුවිල චෛත්‍යය සොයා ගනු ලැබූ මංගල ධර්මකීර්ති ශ‍්‍රී දඹගස්ආරේ ශ‍්‍රී සුමේධංකර නාහිමියන් විසින් එය ප‍්‍රතිසංස්කරණය කරන ලදී. එම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා ශ‍්‍රී බුද්ධ වර්ෂ 2467 ඇසළ මස පුර එකොලොස්වක්ලත් බුදදින (1923 ජූලි මස 25 දින) ත‍්‍රිකුණාමලය ජයසුමනාරාමයෙහි රැස්වූ බෞද්ධ මහජන සභාවේ දී ප‍්‍රතිෂ්ඨාපිත වූ සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය ආරම්භ කරන ලදී. එහි ආරම්භක සභාපති වරයා වූයේ චෛත්‍ය ප‍්‍රතිසංස්කරණය කර ගොඩනැගීමට දායක වූ ඞී. ඞී. වීරසිංහ මුදලිතුමාය.
මෙම සමිතියේ ආරම්භ කිරීමේ දී එහි ව්‍යවස්ථාවේ අරමුණු පැහැදිලිව දක්වා තිබුණි. (ඇමුණුම 01) ඒවා නම්,
1. ශ‍්‍රී සර්වඥ ශාක්‍ය මුනීන්‍ද්‍ර ශාරීරික ලලාට ධාතූන් වහන්සේලා පිහිටුවා කාවන්තිස්ස රජතුමන් විසින් සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයන් වහන්සේ ප‍්‍රති සංස්කරණය කොට චෛත්‍යස්ථානය දක්වා අභිනව මාර්ගයක් සෑදීම.
2. තෝප්පූර්හි සිට චෛත්‍යස්ථානය දක්වා අභිනව මාර්ගයක් සෑදීම.
3. මුතූර්හි සහ සේරුවිල විශාම ශාලාවන් තැනවීම.
මෙම සමිතිය සඳහා ඉහත අරමුණු ඉටුකිරීම සඳහා පමණක් 1925 පෙබරවාරී මස 25 වන දින ඇල්. ඒ. නෝරත්ක්‍රෝෆ්ට් ආණ්ඩුකාර තුමා විසින් අවසරයක් ලබා දී තිබුණි.
වර්තමාන කතාව
නිර්මල ථෙරවාද බුදු දහම විනාශ කිරීමේ ප‍්‍රධාන කුමන්ත‍්‍රණකරුවෙකු වන ඇමරිකානු CIA ආයතනය  ආධාර මත සිය කටයුතු මෙහෙයවන කිරිබත්ගොඩ ඤාණාන්ද ශ‍්‍රමණවේශ ධාරී භික්‍ෂුව පළමු වර උපසම්පදාව ලබාගනු ලබන්නේ අමරපුර ශ‍්‍රී කල්‍යාණ වංශ පාර්ශවයේ සේරුවිල මංගල රජ මහා විහාරයේ නායක හාමුදුරුවන්ගෙනි. ටික කලකට පසු හෙතෙම සිවුරු හළා උපැවිදි විය.
ඉන්පසු අසපුවාසී භික්‍ෂුවක් ලෙස අලූත් හමක් පොරවාගත් නරියකු සේ නැවත උපසම්පදාව ලබා ජනප‍්‍රිය තලයේ භික්‍ෂුවක් බවට හෙතෙම පත්විය. නිර්මල බුදු දහම විකෘති කර බුදු සසුන විනාශ කිරීමට නම් එය ශාසනය තුළින්ම සිදුකළ යුතු බව බටහිර ඔත්තුකරුවන්ගේ සැලසුම විය. ඒ අනුව එතෙක් පැවති විහාර සම්ප‍්‍රදාය වෙනුවට ඉන්දියාවේ නිගණ්ඨයන්ගේ මග යමින් අසපු සංකල්පයක් දිවයින පුරා ප‍්‍රචලිත කරන ලදී.
සැබෑ බෞද්ධ දර්ශනය වෙනුවට පුජ පුදා සත්කාරවලින් පිරි පොෂ් බුදු දහමක් සොයමින් සිටි මිල මුදල් ඇති එහෙත් මොඩ ගිහියන් මෙම අලූත් අසපු වටා ඒකරාශී විය. බෞද්ධ දර්ශනය වෙනුවට එය ඇදහීම ෆැෂන් එකක් කරගත් පිරිසක් උන්වහන්සේ වටා එකතු විය. ටික කලකින් හෙතෙම ඉතා ධනවත් සහ විශාල මෝඩ ශ‍්‍රවාක පිරිසක පරිවාරයකින් පිරි භික්‍ෂුවක් බවට පත් විය. මෙම සිවිල් බලය හෙතෙම සිය කූට ව්‍යාපෘති සාක්‍ෂාත් කර ගැනීමට දේශපාලන බලයක් ලෙස භාවිතා කරමින් සිටියි.
ඉස්ලාම් මූලධර්මවාදීන් මෙන් ම ඇමරිකානුවන් නැගෙනහිර භූමියට කෙළහලමින් සිටින බව නොරහසකි. භූ දේශපාලනිකව ඉතා වැදගත් වරායක් වූ ත‍්‍රිකුණාමලය වරාය පිහිටීමත්, තවමත් නිකැලැල් ස්වභාවික සම්පත් ඛනිජ සම්පත්වලින් අනූන භූමියක් වීමත්, තෝරියම් යුරේනියම් වැනි න්‍යෂ්ටික බලශක්තිය සහ ආයුධ නිෂ්පාදනයට අවශ්‍ය විකිරණශීලී මූලද්‍රව්‍ය සහිත භූමි ප‍්‍රදේශයක් වීමත්, ස්වභාවික ගෑස් සහ ඛනිජ තෙල් නිධි පිහිටි භූමියක් වීමත් මත නැගෙනහිරට අන් කවර පළාතකටත් වඩා වැඩි අවධානයක් ලැබේ.
සේරුවිල මංගල රජමහා විහාරස්ථානය යනු නැගෙනහිර පිහිටි ප‍්‍රමුඛතම බෞද්ධ විහාරස්ථානය වන අතර එය බෞද්ධයන්ගේ නැගෙනහිර මුදුන් මල්කඩ ලෙස හැඳින්විය හැකිය. මෙම විහාරයේ බලය අල්ලා ගැනීම මගින් නැගෙනහිර අනෙකුත් බෞද්ධ විහාරස්ථාන පාලනයට නතුකර ගැනීමට හැකියාවක් ලැබේ. ඒ සඳහා අසපු කල්ලිය කූට පිඹුරුපතක් නිර්මාණය කරන ලදී.
ඒ අනුව ඓතිහාසිකව අභාවයට ගොස් තිබූ මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය නමින් සමිතියක් පිහිටුවා එය පෙර නෝරත්ක්‍රෝෆ්ට් ආණ්ඩුකාර තුමා විසින් අනුමැතිය ලබාදුන් සමිතියම බව හඟවමින් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදී. පෙර ව්‍යවස්ථාව පරිදි පැරණි සමිතිය පිහිටුවා තිබුනේ නිශ්චිත අරමුණු 3 ක් ඉටු කිරීමට වන අතර එම අරමුණු ඉටු වූ පසු සමිතියේ කාර්යභාරය අවසන් වේ.
2006 දොම්පේ පාලූගම මහමෙව්නා භාවනා අසුපුවෙහි දී රැස්වූ සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය යැයි හඳුන්වාගත් පිරිසක් විසින් පැරණි ව්‍යවස්ථාව සංශෝධනය කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලදී. මෙය සම්පූර්ණයෙනම් අනීතිකය. මුල් ව්‍යවස්ථාව අනුව පැරණි සමිතිය එහි කාර්යභාරය අවසන් කර තිබුණි. එබැවින් එය යළි ස්ථාපනය කළ නොහැකිය. මෙය සම්පූර්ණයෙන්ම කොලේ වහලා ගැහිල්ලකි. අසපු කල්ලිය විසින් නව ව්‍යවස්ථාවක් යටතේ මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියක් ආරම්භ කළහ. (ඇමුණුම 02)
අසපු කල්ලියේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වීම ඇරඹේ
අසපු කල්ලිය විසින් අනීතිකව පිහිටුවන ලද මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය යොදා ගනිමින් එහි සභාපති යැයි කියනු ලබන අංක 318/8, ශාන්තිවත්ත, සියඹලාපේ පදිංචි ආර්. පී. සූරියප්පෙරුම මහතා සහ එහි ලේකම් යැයි කියනු ලබන අංක 46, මැදිගොඩැල්ල වත්ත, රුවන්වැල්ල පදිංචි ලියනගේ ජයතුංග පෙරේරා මහතා යන අය සහ තවත් අයෙකු විසින් මුත්තූරු දිසා අධිකරණයේ නඩු අංක SPL 138/16 යටතේ නඩුවක් පවරමින් නඩුව අසා නිම වන තුරු මංගල මහා චෛත්‍යවර්ධන සමිතියේ තීන්දු තීරණවලට මැදිහත්වීමෙන් වළකින ලෙසටත් එකී සමිතියේ අවසරයකින් හා අනුදැනුමකින් තොරව රජ මහා විහාරයේ නිශ්චල හා චංචල දේපල පාලනය හා පරිපාලන කිරීමෙන් සහ හෝ මූල්‍ය පරිපාලනය කිරීමෙන් සහ හෝ එකී විහාරස්ථානයේ පොදු පාලනය සඳහා මැදිහත්වීමෙන් වළක්වාලන ලෙසටත් අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් 2016 අපේ‍්‍රල් මස 25 දින ලබා ගන්නා ලදී. (ඇමුණුම 03)
මෙම නඩුව මගින් විත්තිකරුවන් 06 දෙනෙකු නම් කර තිබූ අතර ඉහත වාරණය එම විත්තිකරුවන් සහ උන්වහන්සේලා මගින් හා යටතේ කටයුතු කරන සේවක නියෝජිතාදී සියලූදෙනාටම බලපැවැත්වෙන ලදී. මෙම නඩුවේ විත්තිකරුවන් පහත දැක්වේ.
01. පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි
02. පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි
03. පූජ්‍ය කිතලාගම ධම්මාලංකාර හිමි
04. පූජ්‍ය මුංහේනේ මෙත්තාරම හිමි
05. පූජ්‍ය සේරුවිල සරණකිත්ති හිමි – විහාරාධිපති, සේරුවිල මංගල රජමහා විහාරය.
2016 මැයි මස 02 දින එවකට විහාරධිපති හිමියන් වූ සේරුවිල සරණකිත්ති නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලක දී අපවත් විය. විෂ ශරීරගත වීම හේතුවෙන් කුරුණෑගල දේශීය වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබමින් හිටි සරණකිත්ති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන යනු ලබන්නේ අසපු කල්ලියේ නායක කිරිබත්ගොඩ ඤාණානන්ද සහ මුංහේනේ මෙත්තාරාම යන හිමිවරුන්ය. විහාරධිපති වහන්සේගේ අපවත්වීම වස ලබාදීමෙන් සිදුකරන ලද ඝාතනයක් වුවද 2016 මැයි 03 දින පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය වූයේ ආමාශගත පිළිකාවක් නිසා සිදුවූ මරණයක් ලෙස යටගසා අදාහන පුජෝත්සවයක් තියා සියලූ සාක්‍ෂි අළුකර දැම්මේය. එසේ වුවද සරණකිත්ති හිමියන් මිය යාමට පෙර දේශීය වෛද්‍යවරයාට පවසා ඇත්තේ මුංහේනේ මෙත්තාරාම හිමි කැඳ කොප්පයකට කබර තෙල් දමා තමන්ට බොන්න දුන් බව පසුව දැනගත් බවයි.
විහාර හා දේවාලගම් ආඥාපනත ප‍්‍රකාරව ජ්‍යෙෂ්ඨ පැවිදි ශිෂ්‍යයා ලෙස සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරධිපතීත්වය හිමි වීමට නියමිතව තිබුනේ කොටපොල අමරකිත්ති නාහිමියන්ට ය. උන්වහන්සේ නායකත්වයට පැමිණීම වැළැක්වීමට අසපු කල්ලිය ඉහත නඩුව යොදාගන්නා ලදී. මහනායක හිමියන් දැලේ දමාගත් අසපු කල්ලිය කොටපොල අමරකිත්ති හිමියන්ට විරුද්ධව නඩුවක් පවතින බවත් විහාර දේවාලගම් පනතට පිටින් ගොස් තාවකාලික විහාරාධිපති ලෙස පූජ්‍ය මුංහේනේ මෙත්තාරම හිමි පත්කරන ලෙසත් බලපෑම් කරන ලදී. ඒ අනුව විහාරාධිපතිත්වය මුංහේනේ මෙත්තාරාම හිමිට හිමිවිය. ඉහත නඩුව අද වන තුරුත් විභාගයට ගෙන නැත. නාමික විහාරධිපති ලෙස අසපු කල්ලිය විසින් මෙහෙයවනු ලබන මෙත්තාරාම හිමියන් කටයුතු කළත් අසපු කල්ලිය පන්සලේ සියලූ පරිපාලනය කරගෙන ගියේය.
මෙම නඩුව පිටුපස සිටියේ මෙරට මුස්ලිම් අන්තවාදයයි. අල්කයිඩා ඇතුළු මුස්ලිම් ත‍්‍රස්තවාදී සංවිධාන  ඇමරිකානු CIA විසින් නිර්මිත සංවිධාන බව ඔබ මේ වන විටත් දනු ඇතැයි සිතමි. ලංකාවේ CIA බළල් අතක් වූ ඤාණානන්ද හිමි සහ මුස්ලිම් අන්තවාදීන් එක්ව මෙම කුමන්ත‍්‍රණය දියත් කර තිබුණි.
කොටපොල අමරකිත්ති හිමියන් චූදිතයන් කළ මෙම නඩුවේ වූ පැමිණිලිකාර චෛත්‍ය වර්ධන සමිතිය වෙනුවෙන් නීතිඥයන් ලෙස කටයුතු කරනු ලැබුවේ මුස්ලිම් ජාතික නීතිඥ එම්. ඒ. එම්. සාලි මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ සහ වර්තමානයේ අධිකරණ අමාත්‍ය එම්. යු. එම්. අලි සබ්රි මහතා ය. (ඇමුණුම 04)
2016.05.23 දින සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය ලිපි ශීර්ෂය යටතේ සේරුනුවර පොලිස් ස්ථානාධිපතිතුමා වෙත  ආර්. පී. සූරියප්පෙරුම යන සමිතියේ සභාපති විසින් ලිපියක් ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ විහාරස්ථානයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන නිලධාරීන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන බවය. කාර්යාල සහ අනෙකුත් පරිපාලන කටයුතු සඳහා නම් කර ඇති 6 දෙනා අතුරින් 5 වැනි නම ලෙස සඳහන්ව ඇත්තේ එම්. එම්. ඊ. ඛාන් මයා (ජා. හැ. අංක 832611670V), කාරක සභික – සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය ලෙස යි. (ඇමුණුම 05)
පන්සලේ පරිපාලන කටයුතු සඳහා නම් කර ඇති ඛාන් මහතා ඉස්ලාම් ලබ්දිය අත්හැර බුද්ධාගම වැළඳගත්තේ ද යන්න දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ඔහු විසින් ප‍්‍රසිද්ධියට පත්කළ යුතුව ඇත. ඔහු බෞද්ධයකු නොවී තවදුරටත් ඉස්ලාම් අදහන්නේ නම් ඔහු එක්කෝ අල්ලා දෙවියන් වහන්සේගේ අණට පරිබාහිරව කටයුතු කර ඇත. මේ පිළිබඳව ඉස්ලාම් පූජකතුමන්ලා සොයා බලා කටයුතු කළ යුතුය. තවද සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය යනු විහාරස්ථාන දායක සභාව නොවේ.
මෙත්තාරාම හිමියන්ගේ කාලය තුළ විහාරස්ථානයේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මුස්ලිම් ජාතිකයකි. සේරුවිල පන්සලට අයත් ඉඩම් අක්කර 3,000 ක් පමණ සේරුවිල සිට තෝපූර් සහ නැගෙනහිර මුහුද දක්වා විහි දී ඇත. මෙම ඉඩම් මුස්ලිම් ජාතිකයන්ට බෙදා දීමට අසපු කල්ලියට සහ මෙත්තාරාම හිමියන්ට අවශ්‍ය විය. ඒ සඳහා හිටපු අමාත්‍ය මහරුෆ් මොහොමඞ් ගේ මැදිහත්වීමෙන් සංවිධානයක් විහාරස්ථානය තුළ පිහිටුවන ලදී. ඒ සියලූ රැස්වීම් පවත්වා ඇත්තේ මෙත්තාරාම හිමියන්ගේ ද සහභාගීත්වයේ විහාරස්ථානය තුළය.
සහරාන් හෂීම්ගේ මුත්තූර් කඳවුර භාරව සිටි මුතූර් ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සහ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලබන හාජා මොහිදීන් ද ඔහුගේ එක කුස උපන් සහෝදරයා වන අබ්දුල් කරන් ඇතුළු සහරාන් හෂීම්ගේ තෝපූර් නායකයා සහ 43 දෙනෙකු මෙම සංවිධානයේ සාමාජිකයන් ය. එහි උපසභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ අබ්දුල් රාසික් මවුලවි වරයායි. මෙම සංවිධානයේ සිංහල කිසිදු අයෙකු නැත. මේ පිළිබඳව චෛත්‍ය වර්ධන සමිතිය සහ අසපු කල්ලිය මුණිවත රකින්නේ මෙය ද ඔවුන්ගේ සැලසුමේ කොටසක් නිසා ය.
සේරුවිල පන්සලට අයත් අක්කර 23 ක් පමණ වන ඉතා වටිනාකමකින් යුත් ඉඩමක් මුත්තූර් නගරයේ තිබුණි. මෙම ඉඩමෙන් කොටසක් මුස්ලිම් ජාතිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබුණි. සේරුවිල සරණකිත්ති නාහිමියන් විසින් මෙම ඉඩම සිංහල ජාතිකයන් පිරිසකට බෙදා දී ඔවුන් එහි පදිංචි කර තිබුණි. උන්වහන්සේගේ අපවත්කරවීමෙන් පසු මෙම අන්තවාදී මුස්ලිම් කණ්ඩායමේ මෙහෙයවීම මත මෙත්තාරම හිමියන් සහ චෛත්‍යවර්ධන සමිතිය විසින් එම ඉඩම්වල පදිංචි වී ඇති සිංහල පවුල් 40 කට නඩු පවරා ඇත. (ඇමුණුම 06) එම ඉඩම්වලින් ඔවුන් එලවා දැමීමට මේ වන විටත් කටයුතු කරමින් පවතී. එම නඩු සේරුවිල අධිකරණයේ මේ වන විටත් විභාග වෙමින් පවතී. මෙම නඩුවලට අධිකරණ අමාත්‍ය අලි සබ්රි දැඩිව බලපෑම් කරන බව වාර්තාවේ. මීට පෙර පවරන ලද නඩුවල ඔහු පැමිණිල්ලේ නීතිඥවරයා ලෙස පෙනී සිටි අතර මෙම ආකාරයෙන් සේරුවිල පන්සලේ නඩුවලට අමාත්‍යවරයා ලෙස මැදිහත් වීම වෘත්තීය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
මෙම මුස්ලිම් කණ්ඩායමේ ක‍්‍රියාකලාපය විරුද්ධව කටයුතු කරනු ලැබූ සේරුවිල පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි යාපනයට මාරු කර යවා ඇත. පොලිස් පරීක්‍ෂකවරයා මාරු කිරීමට හේතු ලෙස වෙනත් කතාවක් මේ වන විට ගොතා ඇත. මෙම මාරු කිරීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කපිල අතුකෝරළ වන අතර ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ ඍජු මැදිහත්වීම ඊට ලැබී තිබේ.
මුංහේනේ මෙත්තාරාම හිමියන් විහාරධිපති වූ පස අසපු කල්ලිය විසින් කිරිබත්ගොඩ ඤාණානන්දගේ ගෝල හිමියෙකු වන අලූදෙණියේ සුබෝධි හිමි ප‍්‍රමුඛ අසපු භික්‍ෂු වහන්සේලා කණ්ඩායමක් සේරුවිල විහාරස්ථානයේ කටයුතු සඳහා මැදිහත් කරවන ලදී. ඔවුන්ගේ දීර්ඝ කාලීන අභිලාෂය වූයේ සේරුවිල විහාරස්ථානයේ බලය අල්ලා ගැනීමය. සැබැවින්ම මෙත්තාරාම හිමිට විහාරස්ථානයේ විහාරාධිපති ධූරය උරුම නැත. ඔහු සම්බන්ධව මේ වන විටත් නඩු 38ක පැටලී ඇත.
අසපු කල්ලිය කුමන්ත‍්‍රණයේ ඉදිරි පියවර තබයි.
අසපු කල්ලියට කඩිනමින්ම සේරුවිල රජමහා විහාරයේ බලය ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ අනුව ඔවුන් සේරුවිල සරණකිත්ති හිමියන්ට අනුගමනය කළ සැලසුමම මෙත්තාරාම හිමියන්ට ද අනුගමනය කළේය. මෙත්තාරාම හිමියන්ගේ ද අක්මාව නරක් විය. උන්වහන්සේ කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටියේය. ශ‍්‍රී ලංකාවේ අන්ත‍්‍ර සහ අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන අර්ජුන ද සිල්වා සහ මධුර නිරිඇල්ල වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබුණේ මෙත්තාරාම හිමියන්ට නව අක්මාවක් බද්ධ කිරීමට නොහැකි තරම් නරක් වී ඇති බවත් ලංකාවේ සිදුකරන ප‍්‍රතිකාර මගින් තවත් අවුරුදු 3 ක් පමණ උන්වහන්සේ ජීවත් කළ හැකි බවත් ය.
වෛද්‍ය නිර්දේශය එසේ වුවත් එයට අවනත නොවන ඤණානන්ද හිමි සහ අළුදෙණියේ සුබෝධ හිමි මෙත්තාරාම හිමි ප‍්‍රතිකාර පිණිස යයි පවසමින් ඉන්දියාවේ චෙන්නායි නුවර Dr. Rela Institute & Medical Centre Dr. Rela Institute & Medical Centre හෙවත් මොහොමඞ් රිලා රෝහලට රැගෙන ගියහ. ඉන්දියාවේ කොරෝනා වසංගතය අතිශය ව්‍යාප්ත වී ඇති පසු බිමක් තුළ මෙත්තාරාම හිමියන් රෝහලේ නොව රෝහල ආසන්නයේ කුලී නිවසක නතර කර ගෙන සිටින ලදහ. සති තුනක් යන තුරුත් උන්වහන්සේ රෝහල ඇතුළත් කිරීමට නොහැකි විය. මැයි මස 10 වෙනි දින මෙත්තාරාම හිමි කුලී නිවසේ දීම අපවත් වෙන ලදී. එදින රාත‍්‍රීයේ 9.00 ට පමණ අවසන් කටයුතු සිදුකර ඇත. මෙත්තාරාම හිමියන් කොරෝන වැළදීමෙන් මිය ගිය බවට ප‍්‍රකාශ කළ අතර මළ සිරුර පොලිතින් කවරයක බහා ආදාහනාගාරයක පුළුස්සා දමා ඇත.
මෙම මරණය සැබැවින්ම ප‍්‍රශ්නකාරී ය. නව අක්මාවක් බද්ධ කිරීමට නොහැකි බවට සහ ලංකාවේ ප‍්‍රතිකාර මගින් තවත් වරස 3 ක් ජීවත් කරවිය හැකි බවට ශ‍්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් නිර්දේශ කර ඇති පසුබිමක උන්වහන්සේ අක්මා බද්ධ කිරීමක් සඳහා ඉන්දියාවට රැගෙන ගියේ ඇයි ? ඉන්දියානු රෝහලට ඇතුළත් කිරීම සඳහා වෙන්කරවා ගැනීමකින් තොරව රැගෙන ගියේ ඇයි ? අපවත්වන තුරුත් සති 03 ක් රෝහල අසල කුලී නිවසක රඳවා තබාගත්තේ ඇයි ? මෙම කාලය තුළ රෝහලට ඇතුළත් කිරීමට නොහැකි වූයේ මන්ද ? උන්වහන්සේ සමග ගිය කණ්ඩායමේ සිටි අනෙක් පිරිස කවුරුන් ද ? ආරක්‍ෂක බුද්ධි අංශයට සම්බන්ධ අයෙක් එම කණ්ඩායම සමග ගමන් කරා ද ? එසේ නම් ඒ කුමන අරමුණකින් ද ?
මෙම මරණය සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ පූජ්‍ය අඟුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් 2021 මැයි මස 17 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇති අතර එම පැමිණිල්ල පොලිස් කොස්තාපල් PC 72191 ආරියරත්න නිලධාරී මහතා විසින් අංක 37 යටතේ තොරතුරු පොතෙහි සටහන් කර ගෙන ඇත. (ඇමුණුම 07 හා 08)
මැයි මස 12 වෙනි දිනට සති දෙකකට පමණ පෙර සේරුවිල පන්සලේ පදිංචිව සිටි චෛත්‍යවර්ධ සමිතියේ සාමාජිකයකු වන ප‍්‍රියන්ත නැමත්තා පන්සලෙන් එලවා දමන ලෙසට සේරුවිල පොලිස් ස්ථානාධිපතිවරයාට මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම විසින් දුරකථනයෙන් අමතා නියෝගයක් ලබා දී ඇත. මෙම ප‍්‍රියන්ත නැමති අය මෙත්තාරාම හිමියන්ට හිතවත් අයෙක් වන අතර ඔහු තවදුරටත් විහාරස්ථානයේ රැඳී සිටීම අසපු කල්ලියේ වැඩවලට බාධාවක් වී ඇති බව පෙනී යයි. මෙම නියෝගය ලබාදුන් මාලිකා සූරියප්පෙරුම ගේ බාප්පා වනුයේ චෛත්‍ය වර්ධන සමිතියේ සභාපති ආර්. පී. සූරියප්පෙරුමය.
අසපු කල්ලිය හා චෛත්‍යවර්ධ සමිතිය විසින් මුංහේනේ මෙත්තාරාම හිමියන් අපවත්වීමට දින 05 කට ප‍්‍රථම සේරුවිල රජමහා විහාරස්ථානයට ආසන්නයේ පිහිටි විල්ගම් වෙහෙර විහාරස්ථානයට පොලිස් අධිකාරී ධම්මික වීරසේකර, ප‍්‍රාදේශීය ලේකම් ජයරත්න සහ සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප‍්‍රභාත් ජයසේකර කැඳවා තිබුණි. මෙම හමුවේ අරමුණ වූයේ තව ටික දවසකින් විහාරධිපති මෙත්තාරාම හිමියන් අපවත් වන බවත් ආදාහන කටයුතු රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව සිදුකිරීමට නියමිත බවත් අනෙකුත් පාර්ශවයන්ට ආදාහන කටයුතුවලට මැදිහත්වීමට අවස්ථාවක් නොදෙන ලෙසත් එවැනි අවස්ථාවක පොලිස් ස්ථානාධිපතිවරයා ඍජුව මැදිහත් විය යුතු බවත් දක්වා ඇත. මෙම සාකච්ඡුාව සඳහා අධිකරණ අමත්‍යවරයා වන අලි සබ්රිගේ පෞද්ගලික ලේකම්වරයෙක් ද සහභාගී වී තිබේ. ඔහු ඒ සඳහා මැදිහත් වූයේ ඇයි ද යන්න ඔබට වැටහෙනවා ඇත. ඒ වන විටත් ජීවත්ව සිටින මෙත්තාරාම හිමියන්ගේ අවසන් කටයුතු සූදානම් කිරීම තුළින් පෙනී යන්නේ උන්වහන්සේ නිශ්චිතම ඉදිරි දින කිහිපය තුළ මිය යන බව මෙම පාර්ශවය දැන ගෙන සිටි බවයි. මෙත්තාරාම හිමියන් සුවපත් කිරීමට සැබෑ අරමුණක් ඔවුන්ට තිබී නැත.
මුංහේනේ මෙත්තාරාම හිමියන් අපවත් වූ සැණින් චෛත්‍ය වර්ධන සමිතිය රැස්වී නිවේදනයක් නිකුත් කරන ලද්දේ ඔවුන් විසින් සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස අලූදෙණියේ සුබෝධි හිමි පත්කළ බවයි. (ඇමුණුම 09* සුබෝධි හිමි මෙම කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන කොටස්කරුවෙකි. එවැනි පත්කිරීමට කිසිදු නෛතික බලයක් එම සමිතියට නැත.
මුංහේනේ මෙත්තාරාම හිමියන් අපවත්වීමට පෙර සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට අයත් ලංකා පටුන පාෂාණ පබ්බත විහාරයේ විහාරාමාධිපති රත්නපුරේ දේවානන්දකිත්ති හිමියන් ගෙල වැළලාගෙන මිය යයි. එම හිමියන් ද අසපු කුමන්ත‍්‍රණයට විරුද්ධව කටයුතු කරන ලද ස්වාමීන් වහන්සේ කෙනෙකි. භික්‍ෂූන් වහන්සේ කෙනෙකු ගෙල වැළලාගෙන මිය යාම ප‍්‍රශ්නකාරී නොවේ ද ? එම මරණය ද අපට තවත් අභිරහසක්ය.
සැබැවින්ම සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරධිපතීත්වය හිමිවිය යුත්තේ පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමියන්ට වේ. එම පත්කිරීම වළක්වා අසපු කල්ලියේ අලූදෙණියේ සුබෝධි හිමියන් පත්කිරීම සඳහා  මේ වන විට අසපු කල්ලිය විසින් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ සහයෝගය ද අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ද සහයෝගය ද මත අමරපුර නිකායේ මහනායක හිමි හට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටී. මෙම ගැටළුකාරී තත්ත්වය හමුවේ සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරධිපති හිමියන් ලෙස තාවකාලිකව සති දෙකක කාලයක් සඳහා අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහනායක  හිමියන් පත්කර ඇත. (ඇමුණුම 10 හා 11)
අසපු කල්ලිය දේශපාලන බලය යොදා ගනිමින් මහනායක හිමියන්ට බලපෑම් සිදුකරමින් පවතී. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ දී අසපු මගින් ලබාදුන් දායකත්වයට කෘතගුණ සැලකීමක් වශයෙන් රාජ්‍ය බලහත්කාරය යොදා සේරුවිල මංගල රාජමහා විහාරය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ පෞද්ගලික සහකාර සහ ශ‍්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ උපදේශක වන අලූදෙණියේ සුබෝධි හිමිට ලබා දීමේ කුප‍්‍රකට උත්සාහය මේ වන විටත් ක‍්‍රියාත්මකව පවතී. අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන්ට සහ කාරක සංඝ සභාවේ සභිකයන්ට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර ඒ වෙනුවෙන් කෝටි ගණන් මුදල් යොදමින් පවතී.
ශ‍්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් වන සේරුවිල මංගල රජමහා විහාරය අසපුවක් කර ගනිමින් ථෙරවාදී බෞද්ධ දර්ශනය සහ බුද්ධ ශාසනය විනාශ කිරීමේ මහා කුමන්ත‍්‍රණයේ ඇමරිකානු CIA ප‍්‍රධාන මෙහෙයුමක් ලෙස අර්ථදැක්විය හැකිය. ගොඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ බලපෑම නිසා භික්‍ෂූන් වහන්සේලා අතර විනය භේදයක් හට ගනිමින් පවතී. ථෙරවාදී බෞද්ධ සම්ප‍්‍රදායෙන් පිට භික්‍ෂූවකට බෞද්ධ විහාර හා දේවාලගම් ආඥාපනතෙන් පරිබාහිරව මෙම පත්කිරීම සිදුකිරීමට යෑමෙන් සංඝ භේදයක් නිර්මාණය වී ඇත. මෙය ආනන්තරීය පාපකර්මයකි.
අලූදෙණියේ සුබෝධි හිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ ඔහු විහාරාධිපති වූ විට පැරණි සංඝාවාසය කඩා ඉවත් කර අලූත් සංඝාවාසයක් ඉදිකරන බවයි. මෙය බැලූ බැල්මට පුණ්‍ය කටයුත්තක් ලෙස පෙනුනත් එහි යටි අරමුණ ඊට වඩා භයානයකය. සේරුවිල චෛත්‍ය ගර්භයට පිවිසීමේ උමං මාර්ගය පිහිටා ඇත්තේ මෙම පැරණි සංඝාවාසය යටින් ය. මේ සිදුකිරීමට යන්නේ පිංකමක් සේ පෙන්වා සංඝාවාසය යටින් උමං මග දිගේ චෛත්‍යයට රිංගා එහි ඇති අප‍්‍රමාණ වූ රත්තරන් ඇතුළු නිදන් වස්තු කොල්ල කෑමටය. මෙම භූමියේ ඇති නිධන් වස්තු මිල කළ නොහැක. කිරිබත්ගොඩ ඤාණනන්ද හිමිගේ මැතිවරණ ගාස්තුව අපේ ඓතිහාසික පුරාවස්තු, නිධන් සහ විහාරස්ථානය සතු ඉඩම්වලින් ගෙවීමට ගෝඨාභය ජනාධිපතිවරයා කටයුතු කරමින් පැවතීම ජාතියේ අවාසනාවකි.
අද සිංහල බෞද්ධයාට සිදුවී ඇත්තේ සම්බුද්ධ ශාසනය හා සිංහල ජාතිය ආරක්‍ෂා කිරීමට ජනාධිපති කරන ලද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළු කල්ලියෙන් සම්බුද්ධ ශාසනය, ථෙරවාදී භික්‍ෂූන් වහන්සේලා සහ අපේ පුරාවස්තු ටික බේරා ගැනීමය. මෙම අවනීතියට එරෙහිව සිංහල බෞද්ධ ඔබ සැම පෙරට ආ යුතුය. අසපු කල්ලිවල කුමන්ත‍්‍රණවලින් සේරුවිල මංගල රජමහා විහාරය බේරාගත යුතුය. ඉඩම්වල පදිංචි කරන ලද සිංහල මිනිස්සුන්ගේ ඉඩම් ටික බේරාගත යුතුය. විහාරස්ථානයේ සැබෑ උරුමකරු වූ කොටපොල අමරකිත්ති නාහිමියන්ට විහාරධිපතීත්වය ලබා ගැනීමට අප සියලූ දෙනා සහය දැක්විය යුතුය. ථෙරවාදී බුද්ධා ශාසනය ආරක්‍ෂා කර ගනිමින් නැගෙනහිර බෞද්ධයා නගා සිටුවීමට අපට කළ හැකි උතුම්ම වූ පුණ්‍යකර්මය එයයි.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි.


11 thoughts on “කිරිබත්ගොඩ ඤාණාන්ද හිමිගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වියදම ගොඨාභය අලි සබ්රි සමග එක්ව සේරුවිල මංගල රජමහා විහාරයෙන් ගෙවයි,”

  1. Meka dapu eka panapitin apaye yanawa. Aei nama danna baya? Lanka leads news gon news dala nikan kicha wenna yanawa. Lanka lead news is going to lose their reputation by publishing meaningless fake stories.

  2. ඕ මම මේ ගැන ලියන්න හිටියේ කලම්බු ටෙලිග්‍රාෆ් එකට. එතන උඩ තියෙන සිංහල ලිපියට ලියන්න කැමති නැති හින්ද වෙන කවුරු හරි සිංහල ලිපියක් දමන කම් හිටියේ ලියන්න. සේරුවිල ලොකු හාමුදුරුවන්ව මැරුවා. දැක්ක ගමන් මම හිතුව. මේ කොරෝනා අස්සේ කවුද ඉන්දියාවේ යවන්නේ බෙහෙත් ගන්න. හාමුදුරුවන්ව අපවත් කරන්නම තමයි ඉන්දියාවේ යැව්වෙ. තව සේරුවිල රත්තරන් තියෙනව කියල බොරුවක් කරලා රාජපක්ෂලා එතැන කැනීම් කරන්න විදේශ කොම්පැනි වලට දෙනවා කියල තිබුන ගිය අවුරුද්දේ. එතන කරන්නේ බොරුවක්. රත්තරන් තියෙනව හැබැයි නිධි නෙමෙයි. රාජපක්ෂලා බොරු පුරා විද්‍යා කැනීම් කරනවා කියලා කරන්නේ පැරණි දාගැබ් අවට තැන්පත් කරලා තියෙන වට්නා දේ හොරකම් කරන එක. දැන්වත් බෞද්ධයන් ඇහැ කණ ඇරලා මේවා බලා ගන්න ඕනේ. මම CT එකට ලිව්වා. කතෝලික මලක්ක රාජපක්ෂලා මරක්කලයන් එක්ක එකතු වෙලා 2019 මැයි 19 වෙසක් දවසේ සිංහල බෞද්ධ ජන සංහාරයක් කරන්න හිටියේ. නමුත් දිනේ ඉස්සරහට ගන්න වුනා. මම කීප සැරයක් එතනට ලියල තියෙනවා. කතෝලික මලක්ක රාජපක්ෂලා ලොකු ගේම් එකක් සැලසුම් කරලා තියෙනව ලංකාවේ බෞද්ධයන් සහ බුදු දහම නැති කරලා ලංකාව මුස්ලිම් රටක් කරන්න. 2019 වැරදුනා. නමුත් යටින් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා.

  3. සෝම හාමුදුරුවෝ පිටරට ගෙනිහින් අපවත් කළා. ඊට පස්සේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ව අපවත් කළා. බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ව අපවත් කළා. ගුරුකන්දේ ලොකු හාමුදුරුවන්ව අපවත් කළා. දැන් සේරුවිල ලොකු හාමුදුරුවන්ව අපවත් කළා. තව සැලසුම් තියෙන්න පුළුවන්. ටික දවසක ඉඳන් කියන්න හිතුව ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට පරිස්සම් වෙලා ඉන්න කියලා. වස විස කැවෙන්න පුළුවන්.

  4. කිරිබත්ගොඩ ඤානානන්ද කියන්නේ සිංහලයෙක් නෙමෙයි. මරක්කලයෙක්. දන්න මිනිස්සු දන්නවා. බුද දහම විකෘති කරන්නේ කොන්ත්‍රාත්තුවකට. මේ ලිපියේ කියන දේ හරියටම හරි. ත්‍රිපිටකය රැක ගන්න කියලා නිර්මල බුදු දහම විනාශ කරන්න මලක්ක ගෝඨාභය මේ දවස්වල මෙලෝ හසරක් නොදන්නා බෞද්ධ කේවට්ට හාමුදුරුවරු රැලක් එක්ක එකතු වෙලා තවත් කුමන්ත්‍රණයක් කරනවා. මේක ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. සංඝ සාසනයට රිංගා ගෙන සිංහලයන් වගේ පෙනී ඉන්න මරක්කලයන් සහ මලබාරයන් අඳුනා ගත යුතුයි. මම වේලාසනම කිව්වා ගෝඨාභය ජනාධිපති වෙච්ච ගමන් ඉස්සෙල්ලම ගහන්නේ සිංහල බෞද්ධයන්ට කියලා. ත්‍රිපිටක පනතට විරුද්ධව සිංහල බෞද්ධයන් සියල්ල පාරට බහින්න ඕනේ. ඒ පනත ගෙනාවොත් පුළුවන් අය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනේ. කතෝලික මලක්ක රාජපක්ෂලා සිංහල බෞද්ධයන්, බුදු දහම සහ සංඝ සාසනය විනාශ කරන්න කරන කුමන්ත්‍රණය ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ.

  5. බුදුරජාණන් වහන්සේ දේශනා කල නිර්මල බුදු දහම තියෙන්නේ ලංකාවේ විතරයි. ඒ දහම ආරක්ෂා කරන්න තමයි පරම්පරාගත සිංහල බෞද්ධයන් ඉපදිලා ඉන්නේ. සිංහල බෞද්ධයන් සහ නිර්මල බුදු දහම වෙන් කරන්න බැහැ. ඒ නිසයි හාමුදුරුවරු නිකාය වලට බෙදිලා හිටියට සිංහල බෞද්ධයන් එහෙම බෙදිලා නැත්තේ. නමුත් එහෙම නිකාය කරේ තියගෙන යන්නේ නැතුව රට ජාතිය බුදු දහම වෙනුවෙන් කතා කරන හාමුදුරුවරුන් ඉන්නවා. ඒ හාමුදුරුවරු ආරක්ෂා කරගන්න සිංහල බෞද්ධයන් ඉස්සරහට එන්න ඕනේ. දෙවනගල සහ මුහුදු මහා විහාරයේ හාමුදුරුවරු කල්පනාවෙන් ඉන්න. ඉස්සරහට අනතුරුදායක කාලයක් එන බවට ලකුණු තියෙනව. මාළු අල්ලන්න එපා කියනව වගේ සුළු කාරණාවකට හාමුදුරු කෙනෙක් ඝාතනය කරලා තියෙනව. මේවා නිකම් කියන්නේ. නමුත් හාමුදුරුවරු ඒ විදහට ඝාතනය කරලා තියෙනව. කතෝලිකයන් සෝම හාමුදුරුවන්ව ඝාතනය කළා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ අපවත්වීමත් පිටිපැස්සේ තියෙන්නේ කුමන්ත්‍රණයක්. ඊළඟට සුළු අනතුරකට ලක් වෙච්ච බෙල්ලන්විල ව්මලරතන හාමුදුරුවෝ කළුබෝවිල ගෙනියන කොට හොඳට හිටියා. හැබැයි කවුරු හරි හාමුදුරුවන්ව පෞද්ගලික රෝහලකට ගෙනිච්ච. එතැනදී අපවත් වුනා කිව්වා. කිසි හේතුවක් නැතුව පෞද්ගලික රෝහලකට ගෙනිච්චේ කවුද මොකොටද කියන එක අදටත් අභිරහසක්. ඊට පස්සේ ගුරුකන්දේ හාමුදුරුවෝ. කිව්වේ පිළිකාවක් කියලා. නමුත් අපවත් වුනේ පිළිකාව හින්ද නෙමෙයි. ඒ හාමුදුරුවන්ට කලින් ගුරු කන්දේ වැඩ හිටපු හාමුදුරුවොත් අපවත් වුනා මට මතක හැටියට. දැන් සේරුවිල හාමුදුරුවෝ. අපවත් වුනේ අක්මාවේ ප්‍රශ්නයක් හින්ද නෙමෙයි. ඊට කලින් සේරුවිල වැඩ හිටපු හාමුදුරුවන්වත් අපවත් කළා කියලා මේ ලිපියේ තියෙනව. ඒ හින්ද ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරගෙන ඉන්න හාමුදුරුවරු තමන්ට ලැබෙන දානය ගැන කල්පනාවෙන් ඉන්න. විවිධ විෂ දානයට එකතු කරලා දුන්නහම විවිධ ලෙඩ රෝග වලට ඉක්මනින් ගොදුරු වෙන්න පුළුවන්. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කල්පනාවෙන් ඉන්න. ජීවිතය අනියතයි කියන එක අපේ එදිනෙදා ජිවිතයේ කොටසක්. නමුත් සිංහල බෞද්ධයන් වෙනුවෙන්, සිංහල රට වෙනුවෙන් ඉදිරියට ඇවිල්ල කතා කරන්න, සිංහල බෞද්ධ බලය ඒකාරාශී කරන්න, වෙන හාමුදුරු කෙනෙක් නැහැ.

  6. This seems to be a fabricated story! One lady wants to write to daily telegraph which is entirely anti-sinhala and anti-buddhist webnews service which can surely be funded by CIA! My intention is not whitewash anyone! But ven Kiribathgoda Thero is not Muslim as Lady champa suggests!

  7. ගලිගමුවේ ස්වමින් වහන්සේ ටත් මමහමෙව්නාව වෙන් වස දිලා අපවත් කරන්න හැදුවා . මහමේව්නාවේ ලොකු ස්වමින් වහන්ස සිවුර පොරාවාගත් රක්ශයෙක්.

    1. ගලිගමුවේ හමුදුරුවන්ට වස දෙන්න දෙයක් නැහැ.තමන් මහණ කරපු ගුරු හාමුදුරුවන්ට කරන්න ඕනි සියලුම ජරා වැඩ කරලා අපායේ යන දොරටුවට හේතු වේලා ඉන්නේ.මහනුවර උසාවියේ නඩු තීන්දුව අවුරුදු 7කට මහාඋළු ගෙදර ලගින්න නියම වෙලා තිබ්බේ.ලොකු හමුදුරුවන්ගේ අනුකම්පාව ලැබුණු නිසා අද පාඩුවේ ඉන්නවා.නමුත් කල අපරාධ නිවැරදි කරන්න කෙනෙක් නැහැ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More