දේශීය පුවත්

කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් සංගක්කාරගේ බිරිඳගේ නමට වංචනික ලෙස ලෙස ලබාගෙන ඇතැයි කියන ඓතිහාසික සීගිරි ගල මනාව දර්ශනය වන දඹුල්ල සීගිරියේ පිහිටා ඇති පර්චස් 90ක් පමණ වන ඉඩම හා නිවස ලබා ගැනීම සඳහා රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකුගේ සහය ලැබී ඇති බව ද මේවන විට හෙළි වී ඇත.

සංගක්කාරගේ බිරිඳ අඩු ආදායම් ලාභී කාන්තාවක් බව පෙන්වමින් ඉඩම ලබා ගැනීමට තැත් කර ඇති බව ද මේ වන විට සිදු කර ඇති මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

මේ පිළිබඳව දඹුල්ල නගරාධිපති පවසන්නේ; “මෙම ඉඩම් බැහැර කිරීමේදී අනුගමනය කළයුතු නිර්ණායකයන් කිසිවක් නොසළකා ඉහළ නිළධාරීන් කොළඹ පදිංචි සල්ලිකාර, බළපුලුවන්කාරයින්ගේ සාක්කුවලට වැටී මෙම ඉඩම් බැහැර කිරීමට ක්‍රියාකිරීම මෙවැනි ගැටළු ඇති වීමට ප්‍රධාන හේතුව බවයි. මෙවැනි ක්‍රියා මගින් ඇතිවන අනෙකුත් පාරිසරික ගැටළු, සමාජ ගැටළු, දුප්පත් අහිංසක පුද්ගලයින් තාවකාලිකව රැවටුව ද ඔවුන්ට දීර්ඝකාළීනව මතුවන ආර්ථික සහ ඉඩම් නිවාස ගැටළු සම්බන්ධයෙන් ඔවුන් කිසිවෙක් කිසිදු තැකීමක් නොකරණ බවත් බොහෝවිට ඔවුනට ඉහළම මට්ටමේ දේශපාළන අනුග්‍රහය පවා ලැබුන ද අවසානයේදී මේ සියල්ලට චෝදනා එල්ලවන්නේ තමන් ද ඇතුලත්වන ප්‍රදේශීය දේශපාළන අධිකාරියට” බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

දඹුල්ල ප්‍රදේශීය ලේකම් පවසන්නේ; “මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ළක් ලැබුනේ 2021 ජනවාරි 02 වෙනිදා. ජනවාරි 03 වන දින අදාළ ග්‍රාම නිළධාරීගේ ප්‍රකාශ සටහන් කරගෙන දිස්ත්‍රික් ලේකම්ට දැන්වීමෙන් පසු ජනවාරි 11 වන දින ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරා. ඒ අතර මෙම ව්‍යාජ ඉඩම් පැවරීම අවලංගු කරන ලෙස ඉල්ලා ඉඩම් කොමසාරිස්ට ජනවාරි 05 වන දින ලිඛිතව දැනුම් දුන් අතර ඒ අනුව ඉඩම් කොමසාරිස් විසින්, අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ඉඩම් කොමසාරිස්ට දැනුම්දීමක් කර තිබූණා.”

මෙම ඉඩම පැවරීමට අදාලව සංගක්කාරගේ බිරිඳගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ බව සනාථ කරමින් අදාළ ගොනුවේ ලේඛණය සහතික කරමින් අත්සන් කළ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ඉඩම් අංශයේ නිළධාරියා පවසන්නේ: “ඉදිරිපත්කර තිබූ හැඳුනුම්පතට අදාල කාන්තාව පැමිණියා. හැඳුනුම්පතට අදාළව අනන්‍යතාවය තහවුරු වූ බැවින් ඇයගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ බව සනාථ කර ගොණුවේ ලේඛණයට අත්සන් කරා. ඇය සංගක්කාරගේ බිරිඳ බවට ඒ අවස්ථාවේ හඳුනාගත්තේ නෑ.”

මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කෙරුණ අතර වැඩ තහනමට ලක්වූ ග්‍රාම නිළධාරීවරයා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.
“මම නියමිත පරිදි රාජකාරිය කරලා තියෙනවා. ඒකෙ මුලික විමර්ශනයක් යනවා නම් මට ඒක පෙන්වන්න පුළුවන්. එම කාන්තාව මට මුණ ගැහිලා නැහැ. මේ සිද්ධිය වෙනකොට මම වැඩ භාර අරගෙන ඔය වසමට ගිහිල්ලා මාසයයි. ඉතින් ලොකු අවබෝධයක් තිබුනේ නැහැ මට. හැඳුනුම්පත බැලුවම ඒකෙ පදිංචි ලිපිනය තියෙනවා නම් වෙන ගැටළුවක් එතන මම දැක්කේ නැහැ. ඉඩම තියෙන්නේ මගේ වසමේ නෙවෙයි. එයාගේ නම ඡාන්ද නාම ලේඛනයේ තිබුනේ නැහැ. ඊට පස්සේ මම කිව්වා පදිංචිය හැර යාමේ ලියුමක් ගේන්න කියලා. ඊට පස්සේ පදිංචිය හැර යාමේ ලියුමක් ගෙනාවා. මම මේකේ සඳහන් කරලා තියෙන්නේ මෙයා ස්ථිර පදිංචි නැහැ. තාවකාලිකව පදිංචි වෙලා ඉන්නේ කියලා.”

කුමාර සහ යෙහාලි සංගක්කාර තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බව දන්වමින් ඉඩම් කොමසාරිස්ට ලිපියක් යවා ඇත්තේ 2021 ජනවාරි 05 වෙනිදාය. ඉඩමේ පදිංචිකරුවන් පවසන ආකාරයට මෙම සිදුවීමට දැනට අවුරුදු 3ක් සපිරේ.

මේ ප්‍රෝඩාව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ ලබාගෙන ඇති අදාල ලේඛණවල සංගක්කාරගේ බිරිඳ ගොවිතැන් වැඩ, කුලී වැඩ කරණ අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙසට තොරතුරු ඉදිරිපත් කර ඇති බවට සනාථ වන බව මෙම වීඩියෝවෙන් පෙන්වාදෙයි.

පෙර සබැඳි පුවත්:https://www.lankaleadnews.com/?p=91301



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More