දේශීය පුවත්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් වාර්තා වන ඉඩම් ගනුදෙනුවට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර අවශ්‍ය අධිඅකරණ ක්‍රියාමාර්ගයන්ට එළඹෙන ලෙස ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පසුගිය දිනවල වාර්තා විය.

එම සිදුවීම පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව එම ප්‍රදේශය භාර ග්‍රාමසේවක නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව ද වාර්තා වෙයි.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර උසස් පාසලකට ඇතුලත් කිරීම සඳහා සංගක්කාර මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

මෙම ගණුදෙනුව පිළිබඳව තම නිර්දෝශීභාවය ප්‍රකාශ කරමින් සංගක්කාර ; “නමුත්, ඔප්පු අත්සන් කිරීමට යෑමේ දී එම ඔප්පුවල ප‍්‍රශ්නයක් තිබෙන බව මට තේරුම් ගියා. ඉඩම මිලදී ගන්නා වශයෙන් අප පිළිබඳව අප විසින් ලබා දී තිබුණු තොරතුරු නිවැරදි ආකාරයට එම ලිපි ලේඛනවල සඳහන්ව තිබුණේ නෑ. අප අඩුආදායම්ලාභී පවුලක් වශයෙන් එහි සඳහන්ව තිබුණා. මම ඊට විරුද්ධ වුණා. ඉඩම මිලදී ගන්නවානම්, සෑම ලේඛනයක්ම නිවැරදි විය යුතු බවත් නීත්‍යානුකූල විය යුතු බවත් මම තැරැව්කරුට දැනුම් දුන්නා. ඉන් පසුව, ඉඩම අප වෙත පැවරීම වහාම අත්හිටුවන ලෙස පැවසූවා.” යනුවෙන් කර තිබූ ප්‍රකාශයට අනුව මෙම ඉඩම ඔවුන්ගේ නමට ඔවුන්ගේ අනුදැනුමකින් තොරව පැවරීමක් කිසිසේත්ම සිදුවිය නොහැකි බව තතුදත් අය පවසයි.

මේ අතර මාර්තු 09 දින සංගක්කාර අන්‍යයනට තමාව හඳුනාගැනීමට අපහසු වන ආකාරයට හමුදා කැලෑ ඇඳුමක කලිසමක් ද ඇඳගෙන තොප්පියක් ද පැළඳගෙන ගොස් ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී.කීර්ති ගමගේ මහතාව හමුවී ඇති අතර ඔහුගෙන් ලබාගත් යම්කිසි ලේඛණයක් ද අතැතිව සතුටින් නික්ම ගොස් ඇති බව වාර්තාවේ. ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගෙන් ලබාගත් මෙම ලේඛණය අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවන අධිකරණ ක්‍රියාමාර්ග වලදී එයට මුහුණ දීමට වන පෙර සූදානමක් ලෙස ද තතුදත් අය පවසයි.

ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ.රණවක මහතා යටතේ සිටින නිළධාරියෙකු වන අතර රණවක මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ ලඟම හිතෛෂී පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධය. එමෙන්ම ඔහුට විරුද්ධව තිබූ රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවකට පසුගිය යුගයේදී රිමාන්ඩ් බන්ධනාගාරගතව ද සිටි අයෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More