කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින්කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව තීරණය කර ඇති බව අපගේ පෙර පුවතකින් වාර්තා කළෙමු.
පෙර පුවත: https://www.lankaleadnews.com/?p=90645
මේ අතර රට තුළ සිදුවන පරිසර විනාශය පිළිබඳව හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් “ඩෝසරයට එරෙහිව” නමින් පවත්වනු ලබන සම්මන්ත‍්‍රණ මාළාවේ දැරණියගල ප්‍රදේශයේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු සඳහන් කර සිටියේ පරිසරය වනසන ඩෝසර් ටික ගල් නොකරොත් ජනතාව සමග එක් වී ආණ්ඩුව ඩෝසර් කර දමන බවයි.
පරිසරය විනාශ කරන ඩෝසර ටික අරලියගහ මන්දිරය හා ජනාධිපති මන්දිරයේ ගාල් කර තබා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඔහු දිගින් දිගටම පරිසරය විනාශ කළහොත් ජනතාව සමඟ එකතු වී ආණ්ඩුව ඩෝසර කර දමන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...