දේශීය පුවත්

කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින්කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව තීරණය කර තිබේ.

කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලඟාවීම හේතුවෙන් එය ගැටළුවක් වශයෙන් එම වැසියන්ට නොදැනේ.

කොළඹ මහ නගර සභාව ආරම්භ කර තිබෙන “කොළඹට ගසක් ඉතුරු කර ගනිමු” වැඩපිලිවෙල සහ පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “හුස්ම දෙන තුරු” රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධ කරමින් ඉඩ කඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කර කොළඹ නගරයේ වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More