පුරප්පාඩු වීමට නියමිත දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුර සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වල පල්ලට රැගෙන යාමට කටයුතු කළ සහ කළ නොහැකි සැලසුම් ඉදිරිපත් කරමින් දුම් රිය සේවය පරිහානිය වේගවත් කළ දූෂණ සොරකම් වලට මුල්වුනු නිලධාරින් පිරිසක් විසින් වයෝ වෘද්ධ බාහිර පුද්ගලයෙකු වන පී ජී වීරසේකර නැමැත්තා පත් කිරීමට සූදානම් බව දුම් රිය සේවකයෝ චෝදනා කරති.
දුම්රිය සේවකයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ පී ජී වීරසේකර මහතාගේ වයෝ වෘද්ධ භාවය හේතු කොට ගෙන ඔහුව පත් කළ දූෂිතයන්ගේ උවමනා එපාකම් සපුරාලීමට කටයුතු කිරීම වැලැක්විය නොහැකි බවයි.
සේවකයන් ඉල්ලා සිටින්නේ දැනට ජේෂ්ඨතම නිලධාරියෙකු වන සංඥා දෙපාර්තමේන්තුවේ සංඥා ඉන්ජිනේරු ජයසුන්දර මහතා ඉතාම සුදුසුම පුද්ගලයා බවත් ඒ මහතාව දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යය අධිකාරි තනතුරට පත් කරන ලෙසයි.
සබැඳි පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...