ඉස්ලාම් අන්තවාදීන්ගේ මාධ්‍යය ප්‍රකාශකයා ලෙස කටයුතු කරන අසාද් සාලි නැමැත්තා විසින් සමාජය තුළ වෛරය වැපිරීමට සහ භික්ෂූන් වහන්සේලා ඇතුළු , කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු භූමදනයට විරුද්ධ සියළු පාර්ශව වලට මරණ තර්ජන එල්ල කිරීම ජාතික ආරක්ෂාවට අදාලව බරපතල ප්‍රශ්නයක් බව මහා සංඝරත්නය ප්‍රකාශ කරයි. ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කළේ ඔහුගේ තර්ජන හමුවේ විවෘතව ප්‍රකාශයක් කළ නොහැකි බවය. උන්වහන්සේ සඳහන් කරන්නේ ඔහුව වහාම අත් අඩංගුවට නොගන්නේ නම් ඒ මගින් අන්තවාදය දිරිමත් වන බවයි.
මාධ්‍යය අමතමින් අසාද් සාලි මහතා ප්‍රකාශ කොට ඇත්තේ මළ සිරුරු භූමදානයට විරුද්ධවන සියළු දෙනාට වන්දි ගෙවීමට සිදුවන බවත් වන්දිය ගන්නේ කොහොමද කවදාද ගන්නේ කියන කාරණය නොවන බවත් වන්දිය ගන්නා බව ස්ථිර බවත්ය.
සබැඳි පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...