ශ්‍රී ලංකාවේ රක්ෂණ ආයාතන වල සේවය කරන රක්ෂණ නියෝජිතයෝ තම සේවය ස්ථීර කර දෙන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට බල කරමින් දෙසැම්බර් 16 දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුන් සඳහන් කරනු ලබූවේ රක්ෂණ නියෝජිතයන් රක්ෂණ කර්මාන්තයේ ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන අතර කර්මාන්තයට ඔවුන්ගේ දායකත්වය 85%ක් පමණ ඉහළ අගයක් ගන්නා බවයි. එහෙත් ඔවුන් විසින් ජනාධිපතිවරයාට භාරදුන් ලිපියේ සඳහන් වූයේ
2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත තුළ රක්ෂණ නියෝජිතයන් වර්ගීකරණය කර ඇත්තේ “කොමිස් මුදලක් ලබා ගන්නා” අතරමැදියකු ලෙස බවයි. ඔවුනට අනුව නීතිමය තත්වය එසේ වුවද ප්‍රායෝගික ක්‍රියාවලිය තුළදී කිසිසේත්ම එසේ නොවන්නේය.
ඒ අනුව රක්ෂණ නියෝජිතයන් විසින් ජනාධිපති තුමා වෙත භාර දුන් ලිපියේ සඳහන් වූයේ,රක්ෂණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සපයන විශාල ශ්‍රමිකයන් පිරිසකගේ සේවා සුරක්ෂිතතාවය චේතනාන්විතව වළක්වා ඇති බවයි. ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටියේ සමහර රක්ෂණ සමාගම් නියෝජිතයින් වෙනුවෙන් එම සමාගම් තුළ අරමුදල් ගොඩනගා ඇති බවයි.
මේ සම්බන්ධව අවධානය යොමු කළ ජනාධිපති තුමා විසින් කම්කරු අමාත්‍යය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත නියෝග කර ඇත්තේ රක්ෂණ නියෝඉජිතයනට සහ ප්‍රාදේශීය මාධ්‍යයවේදීන්ට සේවක අර්ථ සාධක අරමුදලේ(ඊ පී එෆ් ) සහ සේවක අර්ථ සාධක අරමුදලේ ( ඊ ටී එෆ් ) ප්‍රතිලාභ ලැබෙන පරිදි අවශ්‍ය නීති රීති සම්පාදනය කරන ලෙසය. ඒ අනුව කම්කරු අමාත්‍යය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ රජයේ දැක්ම ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ජනාධිපති තුමා සහ කම්කරු අමාත්‍යවරයා තම ගැටළුව සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් රක්ෂණ නියොජිතයෝ තුති පළ කරති.
සම්බන්ධ පෙර පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...