දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ රක්ෂණ ආයාතන වල සේවය කරන රක්ෂණ නියෝජිතයෝ  තම සේවය ස්ථීර කර දෙන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට බල කරමින් අද(16 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

ඔවුන් සඳහන් කරන ලෙස රක්ෂණ නියෝජිතයන් රක්ෂණ කර්මාන්තයේ ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන අතර කර්මාන්තයට ඔවුන්ගේ දායකත්වය 85%ක් පමණ ඉහළ අගයක් ගනී.

2000 අංක  43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත තුළ රක්ෂණ නියෝජිතයන් වර්ගීකරණය කර ඇත්තේ “කොමිස් මුදලක් ලබා ගන්නා” අතරමැදියකු ලෙස බව රක්ෂණ නියෝජිතයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නීතිමය තත්ත්වය තත්වය එසේ වුවද ප්‍රායෝගික ක්‍රියාවලිය තුළදී කිසිසේත්ම එසේ නොවන බවයි.

ඔවුනට අනුව ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සපයන විශාල ශ්‍රමිකයන් පිරිසකගේ සේවා සුරක්ෂිතතාවය චේතනාන්විතව වළක්වා ඇත.

සමහර රක්ෂණ සමාගම් නියෝජිතයින් වෙනුවෙන් එම සමාගම් තුළ අරමුදල් ගොඩනගා ඇති බව පවසන ඔවුහු මේ හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට වාර්ෂිකව විශාල මුදලක් අහිමි වන බවද පවසති.

රක්ෂණ පනත 2000 වර්ෂයේ සිට වරින් වර සංශෝධනයට ලක්වූ වූ නමුත් මේදක්වා එකම වතාවක් හෝ රක්ෂණ නියෝජිතයාගේ සුභ සාධනය වෙනුවෙන් කිසිදු සංශෝධනයක් සිදු වී නොමැත.මේ තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කම්කරු කොමසාරිස් තුමා රක්ෂණ නියෝජිතයන් වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ජාතික අවශ්‍යතාවක් බවද අවධාරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More