දේශීය පුවත්

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මතකරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් රටට සිදුවන බරපතල දේශපාලන හානිය සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් එහි කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති තුමා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් එතුමා පෙන්වා දෙන්නේ,පසුගියදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව විසින් මහජනයාට සුවිශේෂි පොරොන්දුවක් ලබාදුන් බවත් එමගින් පවසා සිටියේ ඉතා කඩිනමින් රටට සුදුසු නව ව්‍යවස්ථාක් සම්පාදනය කොට සම්මත කරන බවත්ය.

එම පොරොන්දුව ජනාධිපතිතුමා විසින් ජනාධිපතිවරණයට පෙර රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ලේඛනයේ සඳහන් වූ සුවිශේෂි දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයක් බවද පෙන්වා දෙන ගුණදාස අමරසේකර මහතා , එදා ජනාධිපතිවරණයට පෙර 20වැනි සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් හෝ පොරොන්දුවක් ඉදිරිපත් නොවුනද නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ උවමනාව සෞභාග්‍යයේ දැක්ම තුළ ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරුණු බව අවධාරනය කරයි.

ඒ අනුව නව ව්‍යවස්ථාවට අදාළ සමාජ සංවාදය තුළ ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කරන බරපතළ උපායමාර්ගික යෝජනා ඉදිරිපත් වුනු බව එතුමා පෙන්වා දෙයි. ඒ තුළ “එක් රටක් එක් නීතියක්” නැමති දාර්ශණික පදනමට යටත්ව ඉස්ලාම් ආගමික අන්තවාදය සහ දෙමළ ඊළාම් බෙදුම්වාදය තීරණාත්මකව දේශපාලන වශයෙන් පරාජය කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍ය බවට ප්‍රභල යෝජනා ඉදිරිපත් වන බව ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරයි.

ගුණදාස අමරසේකර මහතා තම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මහා සංඝ රත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳ හෙලීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන් වටහා ගත යුතු බවයි.

සම්පූර්ණ ලිපිය පහතින්.

ව්‍යයවස්ථා සංශෝධනයට පෙර පළාත් සභා පැවැත්වීම ජන වරම පාවාදීමක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More