දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය විසින් දිවයින පුවත්පත වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය හා ජාතික සංවිධාන ප‍්‍රමුඛව ජිනීවා වෙත ගෙනයන ලද විරුවන්ගේ විත්තිවාචකය මගින් අප රණවිරුවන් හට ජාත්‍යන්තරයේ එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලින් දේශපේ‍්‍රමී රජයක් යටතේ ඔවුන් නිදහස් කර ගැනීම සඳහා අඩිතාලම දමා ඇති බවයි.

එම ලිපිය මගින් ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය සමඟ උරෙනුර ගැටී ක‍්‍රියාකළ අභීතව පෙරමුණගත් නායකත්වය දුන් නව කැබිනට් අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා හට , ජිනීවා සටනට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මෙන්ම ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඒ සඳහා පිළිතුරු දීමට දෙවන බල අධිකාරීයේ සිට මැක්ස්වෙල් පරණගම කොමිසම දක්වා වූ සියලූම වාර්තා සැකසීම පිටුපස සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඞ් කබ්රාල් මහතා ද අද දින පාර්ලිමේන්තුවේ සිටීම මෙම කාර්යභාරය ඉදිරියට ගෙනයෑම සඳහා අප‍්‍රතිහත බලයක් වනු ඇති බවට විශ්වාසය පළකරයි.

එසේම ගෝලිය ශ්‍රී ලාංකීය සංසදය ජනාධිපතිතුමාට සහ රජයට, යහපාලන රජය සම අනුග‍්‍රහය දක්වා යුද අපරධ වැළඳගත් ජිනීවා මර උගුලෙන් ගැලවීම පිණිස බින්දුවෙන් ආරම්භ කළයුතු නොවන බව අවධරණය කර සිටී. ඒ පිළිබඳව ජාතික සංවිධාන විසින් අති විශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව පවසන ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය ජනාධිපති තුමා සහ නව රජය ඔවුන් නැවතූ තැන් සිට යෂ්ටිය රැගෙන ඉදිරියට යනු ඇති බව විශ්වසය පළ කරයි.

දිවයින පුවත් පතේ පල වූ සම්පූර්ණ ලිපිය මෙතැනින්..

යුද අපරාධ චෝදනාවට පිළිතුරු දෙන හැටි හරිද?… ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More