නිසි සායනික පරීක්ෂණ ක්‍රියාවලියකින් අනුමත නොවූ කොවිඩ් 19 එන්නතක් ශ්‍රී ලංකාවේ ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත්කරමින් අත්හදා බැලීමට ඉන්දියානු සමාගමකට ඉඩ ලබාදීම පිළිබඳව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
” ඔය කියන එන්නත සායනික අත්හදා බැලීම් ක්‍රියාවලියේ අදියර ත්‍රිත්වයම සම්පූර්ණ කොට නොමැති බව එනම් දෙවන අදියරේ පර්යේෂණාත්මක මට්ටමේ පවතින එන්නතක් බව තමයි වාර්තා වන්නේ.
ඊට අමතරව නියාමන අධිකාරියෙන් ඒ කියන්නේ ඉන්දියාවේ නියාමන අධිකාරියෙන් සහ ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබූ බවක් වාර්තා වන්නේ නැහැ.
එසේම ඊට අදාළව කිසිම පර්යේෂණ පත්‍රිකාවක් සොයාගන්න බැහැ. එහෙම තියෙනවා නම් ඇමතිනිය ඒක රටට ඉදිරිපත් කරන්න ඕන. ඇමරිකාවේ රෝගපාලන මධ්‍යස්ථානයේ පටිපාටි (CDC – Protocol) අනුව එන්නතක් අනුමත කරන්න පියවර 6 ක් තියෙනවා.
පළමුවැන්න ගවේශණ අවධියයි. දෙවැන්න පූර්ව සායනික අවධියයි. තුන්වැන්න සායනික සංවර්ධන අවධියයි. එම අධියරේ අවධි 3 ක් තිබෙනවා. එහි පළමු අදියරේදී කුඩා කණ්ඩායම් වලට එන්නත ලබාදී තත්වයන් පරික්ෂාවට ලක්කරනවා. දෙවන අදියරේදී එන්නත බාහිර සමාජයේ ලබාදෙන ජනගහණයේ ලක්ෂණ සහිත වඩා විශාල කණ්ඩායමකට එන්නත ලබා දෙනවා. තුන්වන අවධියේදී සමාජයේ දහස් ගණනකට එන්නත ලබා දී එහි ප්‍රතිඵලදායකත්වය සහ ආරක්ෂාකාරී බව පරික්ෂාවට ලක්කරනවා.
බොහෝවිට 4 වැනි පියවර වන නියාමන අධිකාරියේ ඇගයීමෙන් පසුව සහ අනුමැතිය ලැබීමෙන් පසුව සායනික අත්හදාබැලීම් 4 වැනි අදියරකුත් තියෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි වාණිජ වශයෙන් නිපදවීම සහ බෙදාහැරීම මෙන්ම ගුණාත්මක තත්වය පවත්වා ගැනීමේ පද්ධතිය ස්ථාපිත කරන්නේ. පවිත්‍රා මැතිනිය අපට කියන්න ඕන අපේ රටේ මිනිස්සු පර්යේෂණාගාර මීයන් කිරීමට පෙර මේවා අනුගමනය කළාද කියලා. ”
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...