Uncategorized

තවමත් පර්යේෂණ අදියර 2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කැඳවූ රැස්වීමකදී අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතික නිලධාරිනිය ඒ සඳහා බලපෑම් කරන බවද වාර්තා වේ.

ඇයගේ මැදිහත්වීම මත කොවිඩ් පරීක්ෂණ කට්ටල ලබාදීම මඟින් මෙම බලකිරීමට අවශ්‍ය ඉඩ ලබාගෙන තිබෙන බව එම රැස්වීමට සහභාගී වූ නම සඳහන් කිරීමට අකමැති වෛද්‍යවරයෙකු සඳහන් කරයි.

ඔහුට අනුව මේ මඟින් ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියානු සමාගමේ පර්යේෂණාගාර මීයන් හෙවත් ගිනිපිග්ස් ලා බවට පත් වේ.

කිසිඳු පර්යේෂණ දත්ත ප්‍රකාශයට පත් කිරීමකින් තොරව එසේ මහජනයාගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම බරපතල ආචාරධර්ම විරෝධී ක්‍රියාවක් බවද ඔහු කියයි.

ලෝකයේ මේ දක්වා සාර්ථකව අත්හදාබලා ඇති කෝවිඩ් එන්නත ලෙස පිළිගෙන ඇති රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා රුසියානු තානාපතිවරයා සාකච්ඡා කොට තිබියදී සහ රැසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් එසේ රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ලබාදිය හැකි බව දන්වා තිබියදී ඉන්දියාව හරහා එන්නතක් ලබා ගැනීමේ උවමනාව පැහැදිළි නැති බව මේ පිළිබඳව තොරතුරු දන්නා ජාත්‍යන්තර මට්ටමේ විද්වත්හු පවසති.

සබැදි පුවත් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More