මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු යළි විවෘත කරන්නේ නැති බව එහි කළමණාකාරීත්වය සදහන් කරයි.
ඒ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාව යළි විවෘත කළ බවට මාධ්‍ය වාර්තා පළ වූ නමුත්, යළි දැනුම්දෙන තුරු එම කර්මාන්තශාලාව යළි විවෘත නොකරන බවට මෙයින් ප්‍රකාශ කරමු.
2020 ඔක්තෝබර් මස 4 වනදා COVID-19 වෛරසය ආසාදනය වූ සාමාජිකාව පළමු වරට හඳුනා ගැනීමත් සමග සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මේ දක්වා මිනුවන්ගොඩ කර්මාන්තශාලාව වසා දමා ඇත. සෞඛ්‍ය බලධාරීන්ගේ අදාළ අනුමැතිවලට අනුව, ඔක්තෝබර් මස 31 වනදා, දෙවලපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සමස්ත පරිශ්‍රය ම මුළුමනින් ම විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කෙරිණි.
විෂබීජහරණය කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශවලට අනුව තවත් පැය 48 ක කාලයක් එම පරිශ්‍රය වසා දමා ඇත. ඉදිරියේදී කර්මාන්තශාලාව විවෘත කිරීම සඳහා අවශ්‍ය යම් සීමිත ක්‍රියාමාර්ග පමණක් ඉන් අනතුරුව සිදු කෙරෙන අතර මෙහෙයුම් කටයුතු සඳහා පරිශ්‍රය විවෘත කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ මගපෙන්වීම යටතේ ඉදිරියේදී තීරණය කෙරෙනු ඇත. එතෙක්, මිනුවන්ගොඩ පරිශ්‍රය මෙහෙයුම් කටයුතු සඳහා විවෘත නොකෙරේ.
ඕනෑම නවත ම තොරතුරක් පිළිබඳ ඔබ වෙත දැනුම්දීමට අප අඛණ්ඩව කටයුතු කරන අතර, අප වෙත අඛණ්ඩව ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් සියලු ම අදාළ රජයේ නිලධාරීන් හට අපගේ කෘතඥතාව පළකර සිටිමු.
– බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් කළමනාකාරිත්වය
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...