බස්නාහිර පළාත වසා තිබියදී ආයෝජන මණ්ඩල සමාගම් වලට ඇනවුම් හබා යාමට ඉඩදීම නිසා වසංගත තත්වය නරක අතට හැරෙන බවට යම් වෛද්‍යවරුන් දරණ මතය පිළිබඳය ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ වචන,
” බ්‍රැන්ඩික්ස් ආයතනය නිරෝධායන මූලධර්ම සහ නීති නොතකා ඇනවුම් හබා යාම නිසා කෝවිඩ් දෙවන රැල්ල රහසේම වර්ධනය වුණා. ඉන් පසුව බලධාරීන් ඇද ඇද හිටියා. ප්‍රදේශය වසා දමා නිරෝධායන කටයුතු විධිමත් කිරීම සති කිහිපයකින් පමා වුණා.
ඒ නිසා රෝගය සීඝ්‍රෙයන් අනෙක් ප්‍රදේශ වලට පැතිරුණා. දැන් පමා වී හෝ බස්නාහිර වසා දැම්මා. එහෙත් යම් සමාගම් කිහිපයකට ඇනවුම් හබා යාමට ඉඩ දීම නිසා වසා දැම්මේ ප්‍රතිපලයත් නැති වෙලා රෝගය පැතිරීම වර්ධනය වෙන්න පුළුවන්.
ඇනවුම් හදිසි නිසා සේවකයින්ට වයිරසය ඇතුල් නොවී තිබෙන්නේ නැහැ. යම් සමාගමක් ආයෝජන මණ්ඩලය අනුමත කළ පමණින් එහි සේවකයින්ගෙන් සෙසු ජනයාට රෝගය බෝවීම වළකින්නේ නැහැ. පින්සිද්ධ වෙයි බලධාරීන්ට කියන්න තියෙන්නේ දැන්වත් මොළේ පාවිච්චි කරන්න කියලා තමයි. “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...