දේශීය පුවත්

කො‍ළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ‘අදානි‘ සමාගමට පවරාදීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

” නැගෙනහිර පර්යන්තය කොළඹ වරායේ වැදගත්ම පර්යන්තය ඩොලර් මිලියන 500 ක ණයක් අරගෙන ඒක සංවර්ධනය කරන්න බැහැ කියලා ඉන්දියාවට දෙනවා නම් ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුයි.

කටුනායක ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 500 ක් ගන්නවා නම් ඇයි ඒ මුදල වරායට යොදවන්න බැරි. ගුවන් තොටුපළ තව වසර 2 – 3 ක් යනතෙක් පුළුල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක බැරිකමක් නොවේ.

ඉන්දියාවේ පීඩනයට යටත් වීමක්. ඉන්දියාවට මෙම පර්යන්තය උපාය මාර්ගිකව ඉතා වැදගත් වෙනවා ඒක ඉන්දු පැසිෆික් කලාපයේ ඉන්දියානු – ඇමෙරිකානු – ජපාන – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ මෙහෙයුමේ උපාය මාර්ගික උවමනාවක්.

නැගෙනහිර පර්යන්තය නැති වරාය කියන්නේ හෙන්ඩුව තියාගෙන අලියා වික්කා වැනි වැඩක්. දැනට වරාය අධිකාරිය සතු ඡයා පර්යන්තයේ ව්‍යාපාරික අවස්ථා ඉන්දියාව විසින් ඩැහැ ගත්තාම වරාය අධිකාරියට කරන්න මහ වැඩක් නැහැ. කොහොම වුනත් අදානි සමාගමට යම් උසස් රාජ්‍ය නිලධාරීන් පමණක් නොව වෘත්තීය සමිති නායකයිනුත් මිලදී ගන්න පුළුවන්. ”

සබැදි පුවත් –

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට – ඉන්දියාවේ බලපෑමට ආණ්ඩුව හිස නමයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More