පසුගිය සඳුදා දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව කොළඹ වරායේ ප්‍රධානතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ” අධානි ” සමාගමේ කළමණාකාරීත්වයට පැවරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තීරණය කළ බව වාර්තා වේ.
මෙම තීරණය අනුව එම පර්යන්තයේ අයිතියෙන් 49% ක් ඉන්දියානු සමාගමට හිමිවන අතර එම සමාගම සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක් ඒකාබද්ධ ගිවිසුමකට එළඹෙන බව වාර්තා වේ.
නමුත් එම 49% අයිතිය සඳහා එම සමාගම විසින් ශ්‍රී ලංකාවට කළයුතු ගෙවීම් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ. වරායේ මැද පෙළ වෘතිය සමිති නායකයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ මෙම ගනුදෙනුව පිටුපස අධානි සමාගම සමඟ හවුල්වන ශ්‍රී ලංකාවේ සමාගමේ ප්‍රධානියාගේ ඥාතියෙකු වන ආණ්ඩුවේ ඉතාම ඉහළ නිළයක් දරන්නෙකු සිටින බවය.
ඒ අතර ඔහු සඳහන් කළේ සේවක විරෝධතා කඩා කප්පල් කිරීම සඳහා අධානි සමාගම විසින් වෘතීය සමිති නායකයින් මිලදී ගැනීමට ඉඩ ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...