පුරවැසි කොලම

ගුණරුවන් නිසා නිරුවත් වූ ස්වාධීන තක්කඩි! යන මැයෙන් ලංකා ලීඩ් නිව්ස් අප විසින් පළ කරන ලද ලිපියට අදාළව  කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පාඨකයෙකු විසින් අප වෙත එවා ඇත.

ඉහත මාතෘකාවට අදාළව අප විසින් පළ කළ ලිපියට පිළිතුරු ලෙස එම ලිපිය මෙසේ පළ කරනු ලැබේ.

මේ මෝඩ රාජ්‍ය නිලධාරියාට කවුරු හරි කියල දෙන්න බඩු අදින්න නෙවේ මේක හදන්න හැදුවේ, කොළඹ නගරයේ තදබදයට විසදුමක් ලෙස ජනතාව ප්‍රවාහනය කරන්න කියලා. මූ හිතන් ඉන්නෙ මේක බඩු අදින කෝච්චියක් කියලා.

පිළිතුර –  අප කතා කළේ දැනටමත් බඩු අදින – ඉදිරියටත් බඩු ඇදිය යුතු – යම් දිනක වේගවත් දුම්රියක් විලස රත්නපුරයට හා ඉන් ඔබ්බට දීර්ඝ කිරීමේ ඉඩකඩ විනාශ නොකර ඉතිරි කර ගත යුතු – දැනටත් මරදානේ සිට නාරාහේන්පිට – නුගේගොඩ – මහරගම – හෝමාගම – පාදුක්ක ඔස්සේ දිවෙන කැලණිවැලි දුම්රිය ගැන විනා මිනිසුන් ප්‍රවාහනයට පමණක් වෙනුවෙන් හැදෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ගැන නොවේ ! ඔබේ වැරදි වැටහීම ගැන මට කළ හැක්කේ අනුකම්පා කිරීම පමණි

😹 දෛනිකව මිනිස්සු කොළඹ එන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට. ඒ තරම් හදිස්සියක් කෝච්චියේ පටවලා යන බඩුවලට නොමැති බවවත් මේකාට නොතේරෙන්නේ මන්ද.

  පිළිතුර –  ඉහත පිළිතුර අනුව මෙම ප්‍රශ්නය අදාළ නැත.

😹 කෝච්චි අහසෙ යන්න හදන්නෙ බිමින් හදන්න බැරි නිසා නොව අනාගතයේදී අවශ්‍යතාව අනුව බිම් මාර්ග විශාල කිරීම හා නොයෙකුත් කාර්‍යන්හිදී කෝච්චි පාර නිසා බාධාවක් ඇති නොවීමට බවවත් තේරෙන්නෙ නැති හරකෙක්නෙ මේකා.

   පිළිතුර –  මේ කතා කරන්නේ කැලණිවැලි දුමිරිය ගැන නම් – කෝච්චිය උඩින් යා යුතුයි කියා හෝ  වාහන බිමින්  යා යුතුයි කියා නියමයක් දුන්නේ කවු ද? එය තීරණය විය යුත්තේ අදාළ තත්වයන් අධ්‍යයනය කර නොවේ ද? දුමිරිය මාර්ගය උඩට ඉස්සීම වාසියක් වන්නේ පාරේ යන පෙෘද්ගලික වාහන වලට නම් මේ විදියට අදහස් දක්වන්නේ කෝච්චියේ යන සාමාන්‍ය මගියකු නොව වාහන වලින් ඉගිලෙන්නකු විය යුතු ය.

😹 දුම්රිය කාලය විනාඩි 5ක් විතරයි ඉතුරු වෙන්නෙ කියලා මේ යකා කියනවා. ගොන් හරකෝ දුම්රිය කාලය නෙවේ මේ සේවාව නිසා කොළඹ නගරයේ අනෙකුත් පාරවල් වල තදබදය අඩුවෙද්දි මිනිස්සුන්ට ඔයිට වඩා විශාල කාලයක් ඉතුරු වෙනවා කියලා හිතන්න බැරි තරම් මෝඩ මීමෙක්ද ඔයා?

පිළිතුර –  මේ ප්‍රකාශයෙන් තවත් පැහැදිලියි නේ ද මේ කතා කරන්නේ කා ගැන ද කියල? දුමිරියේ යන එකා ගැන නෙවෙයි පාරෙ යන වාහන වල ඉන්න අයගෙ කාලය ගැන කියලා !  පාරෙ යන වාහනවල ගමන් කරන්නන්ගෙ කාලය ඉතිරිවීම නොවටිනා දෙයකැයි මා කොහේවත් කියලා නැහැ. ඒ නිසයි මා කියන්නෙ රේල් පාර උස්සන එක හෝ පාර උස්සන එක කීරණය කළ යුත්තේ දුම්රිය කියන්නේ හිසරදයක් කියන මානසිකත්වයෙන් මිදිලා ඒ ඒ ස්ථාින අනුව අධ්‍යයනය කරලා කියලයි.
 
අපි උදාහරණයක් ගනිමු. නාරාහේන්පිට හන්දියේ වාහන නතර වෙන්නේ කෝච්චිය හින්ද ද? එහෙම නැතිනම් මහාමාර්ගයේ ම හතරමංහන්දිය හින්ද ද?  නාරාහේන්පිට රේල්පාර ඉස්සුවට හතරමං හන්දියේ වාහන තදබදය ඉවත් වෙනව ද? ඇයි දුමිරිය මාර්ගයටත් උඩින් ගිහින් හතරමංහන්දියටත් උඩින් ගිහින් ගුවන් මාර්ගයක් ඉදි කිරීමට ඒ මුදල් වියදම් නොකරන්නේ ? එසේ කළ හොත් රේල් ගේට්ටුවත් හතරමංහන්දි වාහන තදබදයත් දෙකටම එක විසදුමෙන් උත්තර ලැබෙනවා නේ ද? ඇයි ඒ විදියට නොහිතා රේල්පාර හතුරෙක් ය – ඒක උඩට තල්ලුකළාම හරි ය – කියලා හිතන්නෙ?
 
සමහර විට යම් යම් කොටස් සදහා දුමිරිය මාර්ගය උස්සන එක මාර්ග කීපයක් උස්සනවට වඩා ආර්ථික වශයෙන් වාසි දායක විය හැකියි. ඒ ස්ථාන පිළිබද තීරණය කළ යුත්තේ එක පැත්තකින් බලා පමණක් නොව – දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනයට ඇති හැකියාව – දුම්රිය මාර්ගයට මහජනතාව ආකර්ෂණය වීමට ඇති හැකියාව – දුම්රිය පද්ධතිය පුළුල් කිරීමට ඇති හැකියාව වැනි කරුණු බොහොමයක් සලකා බලලයි.
 

හැබැයි එක දෙයක් කියන්න ඕනෙ – පාර හෝ දුම්රිය මග ඉස්සීමට වැය කෙරෙන මුදල් මේ රටේ පයින්වත් යන්න – බයිසිකලයකවත් යන්න – හරිහමන් අඩිපාරක්වත් නැතිව කුඹුරු නියරවල් උඩින් කිලෝමීටර ගණන් පයින් පාසලට රෝහලට යන මිනිසුන් ඉන්න රටක ඒ අය ගේ සීනි හැන්දෙනුත් එකතු කරන රජයේ පොදු මුදලෙන් ගෙවන්න අරින්නෙ නැතිව ඒ පාරවල්  මත සුපිරි වාහනවලින්  යන දහසක් දිවැස් ඇතතන්ගේ පොකැට් එකෙන්ම අය කරගත්තා නම් නේ ද හරි ? මේ රටේ සහනාධාර හොද නැත්තේ – භාණ්ඩාගාරයට බරක් වී ඇත්තේ- දුප්පතුන්ට දෙන  සමෘද්ධිය හෝ පාසල් නිල ඇදුම හෝ නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෙෘඛ්‍යය පමණද? දහසක් දිවැස් ඇත්තන්ගේ සුපිරි වාහන වලට නිකම් දෙන – සත පහක් වත් අය නොකරන – මහාමාර්ග වලට කරන වියදම් කාර් වල යන අය ගෙවන්නෙ නැතිව දවසකට රුපියල් 500 කට අඩු ආදායම් ලබන්නන් රටෙන් බාගයක් විතර සිටින රටක පොදු මුදල් වලින් ගෙවීමට සැලැස්වීම පවු නැද්ද ?  

😹 කොමිස් වලට ගිජුවුන විනාඩියක අගය නොදන්න මේ තකතීරු රාජ්‍ය නිලධාරී මෝඩයාට නොතේරුනාට ජපානය ව්‍යාපෘති කලේ එක තත්පරයක වාසියත් ජනතාවට අරන් දෙන්න මිස කොමිස් ගහගන්නෙ කොහොමද බලන්න නෙවේ.

  පිළිතුර –   මේ ප්‍රකාශය මට අදාළ නැහැ. මා නිලධාරියකු නොවේ – ඔය වගේ මහා පරිමාණ විදේශ ව්‍යාපෘතිවලට අමෙරිකානු ඩොලර් මිලියන දහස් ගණනින්  ණය වෙන්න කතා කරන අයගෙන් ම තමයි ඹය කියන කොමිස්  වලට ගිජුවුණු අය කවුද කියලා අහගන්න වෙන්නෙ.

😹 මේකට යන වියදම වැඩියිලු. වියදම් කරන්නෙ ජපානය. චීනය වගේ ගසාකන්න නෙවේ. අහස උඩින් මේවා හදද්දී නියමිත ප්‍රමිතියට හදන්න ඕන. එහෙම නැති උනොත් ඒක කඩන් වැටෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව උඩට. ජපානයේ හැම තැනම තියෙන මේ කෝච්චි පාරවල් වල අනතුරු බින්දුවයි.

පිළිතුර –   ආයෙම කියන්නෙ, අපි ජනාධිපතිතුමාට කතා කළේ ජපන් ව්‍යාපෘතියක් ගැන නෙවෙයි. අනික, එක රටක ණය ක්‍රමයකින් ව්‍යාපෘති ගළවලා තව රටකට ණය වීමට මා කිසි තැනක කතා කරලා නැහැ. මා කීවේ පස්ස පැත්ත කහගන්න නියපොත්ත වත් නැති අපේ රටේ අහිංසක ජනතාවගේ ආදායම් මට්ටම්වලට ගැළපෙන – රටට ගැළපෙන – සංවර්ධන ව්‍යාපෘති දේශීය ඉදිකිරීම් කර්මාන්තයට ආදායම් ඉපැද්දෙන විදියට කරන්න කියලා විනා අහවල් රට එපා – අහවල් රටට දෙන්න කියන විදේශ ඒජන්ත මානසිකත්වයේ ඉන්නා අයට උඩගෙඩි දෙන්න නොවෙයි.
😹 මේ වගේ සත පහකට වැඩක් නැති මොලේ කලදක් නැති මී හරක් රාජ්‍ය නිලධාරීන් තමා ජනාධිපතිවරයාට මේවා ගැන උපදෙස් දෙන්නෙ. එහෙම උපදෙස් ගන්න ජනාධිපතිත් ඉතිං ළිං මැඩියෙක්ම තමා එහෙනම්.
  පිළිතුර –    පළමුව මා නිලධාරියකුවත් ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නෙකු වත් නොවෙයි. මා කළේ භාණ්ඩාගාරය විසින් මා ඇතුළු කමිටුවකට පවරා තිබූ විශ්ලේෂණයක සොයාගැනීම් ඒ රැස්වීමේ දී ඉදිරිපත් කිරීම පමණි. කොහොම වෙතත්, ළිං මැඩියා ගැනත් – හරකුන් ගැනත් අපේ සාහිත්‍යයේ උදාහරණ තියෙන බව නම් කිව යුතුයි. තමන් ගෙ පුතා හරකකු දැකලා තාත්තට වඩා ලොකු සතෙකු ඉන්නවා කී විට මීටත් වඩා ලොකු ද – මීටත් වඩා ලොකු ද – කියමින් තමන්ගේ බඩ පිම්බීමට ගොස් බඩ පිපිරී මළ ළිං මැඩියා ගැන අහල නැද්ද ? ජපන් රටේ ආර්ථිකයේ ඒක පුද්ගල ආදායම කීයද ? ඒ ආදායමට ගැළපෙන පරිදි ඉදි කෙරෙන ව්‍යාපෘති දිහා බලා අපේ ආදායම් මට්ටමේ දී  දැරිය හැකි තරමට වඩා අධික වියදම් දරා ණය වන්නේ නම් ජපන් සතා දැක බඩ පිම්බීමට යන ලංකා ළිංමාඩියා ගේ ඉරණම ගැන කවර කතා ද?

😹 69 ලක්ෂයක් වූ බයියන්ට හරියන්නෙ ගල් අගුරු වලින් දුවන කෝච්චිම තමා. උන්ට මේ වගේ ඒවා තාම මැජික්. ඉතින් අපි මොනවා කරන්නද?

 පිළිතුර –   මේ ගැන මට යමක් කිව නොහැකියි – ටොයියකු ගේ ප්‍රකාශයක් බව පෙනෙනවා කීම හැර !

Ps- කැලණි වැලි උඩින් දාලා කතාව පටන් ගෙන ජපන් LRT එක නවත්වපු එක සාධාරණය කරන්න හේතු කියන දෙකයි පනහෙ වැඩ කරන්න එපා ආචාර්යවරයෙක් විදිහට.

පිළිතුර –   නැවතත් කියන්නෙ, අපේ මාතෘකාවට කිසි සේත්ම සැහැල්ලු දුමිරිය ව්‍යාපෘතිය අදාළ වුණේ නැහැ. ඒති ඉතින් පුහුල් හොරුන් දැනෙන්නෙ කරෙන් කීවලු නෙ !  තම තම ව්‍යාපෘති අදහස් වලටත් මේ විවේචන ගැළපුණා නම් ඒවා යොදා ගත්තාට මගේ අමනාපයක් නැහැ. එක අතකට ඹය කියන සැහැල්ලු දුමිරිය ව්‍යාපෘතියට ප්‍රමුඛතාවය දී තියෙන්නේ රුපියල් මිලියන 5000 කින් පමණ (ඩොලර් වලින් නම්  මිලියන 30 කින් විතර) ලෝකෙට ණය නොවී අපටම ඉදි කර ගත හැකිව තිබූ සහ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබූ මහ පොළොව මතින් ම යාමට සැලසුම් කර තිබූ දෙමටගොඩ -බත්තරමුල්ල නව දුම්රිය යෝජනාව කුණු කූඩයට යවමින් නෙ. ඉතින් කාගෙ කාගෙත් වැඩ ගැන තවත් කවර කතා ද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More