පුරවැසි කොලම

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින්, නවතාදමන ලද සැහැලු දුම්රිය ව්‍යාපෘතිය පිළිඹඳව මේ අවුරුද්දේ මාර්තු මාසයේදී පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරන ලද පැහැදිළි කිරීමක් මේ දිනවල නැවතත් සයිබර් අවකාශයේ මුදුනතට පැමිණ ඇත.

එම ව්‍යාපෘතිය අත්හැර දමන ලද්දේ එකී විශේෂඥයන්ගේ නිර්දේශ මතය.

එම කරුණු දැක්වීමේ සාරාංශය ගතහොත් කියැවෙන්නේ, JAICA ආයතනයෙන් යෝජනා කරන ලද එම ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානයෙන් සහනදායී පොළියට ලබාගන්නා ණයක් මගින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සිදුකළද, ව්‍යාපෘති වියදමට එදිරිව එහි ප්‍රතිලාභ සසඳා බලන කල ව්‍යාපෘතිය එතරම් ප්‍රතිඵලදායක් නොවන බවයි. එමෙන්ම ඊට වඩා ලාභදායී සහ ප්‍රතිඵලදායක විකල්ප එතුමා පෙන්වා දෙයි.

කණගාටුවට කරුණ නම් සුවාදීන බුකි ඔස්තාර්ලා විසින් මහාචාර්‍යවරයාගේ කතාවේ “කන්ටේනර් එකක්වත් පටවන්න බැහැ” යන කොටස පමණක් උලුප්පා දක්වමින් ඔහු විසින් මතුකළ සමස්ථය යටපත් කිරීමයි. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ එක් විමසීමකින් ඇ.ඩො. මිලියන 2500කට තක්සේරු කළ ව්‍යාපෘතිය ඇ.ඩො. මිලියන 1400 දක්වා අඩුවුණ කතාව, විදෙස් ණය හෝ ආයෝජන ලෙස එන ව්‍යාපෘති වලින් ගසාකන ආකාරය, දේශීය ඉංජිනේරුවන්ට කිසිදු දැනුමක් ලබාගත නොහැකි වීම ආදිය මේ බුකි පඬිවරුන් නොදැක්කා සේ කන්ටේනරයේම එල්ලී සිටිති. එමෙන්ම මේ බුකි ඔස්තාර්ලා විසින් ඉතාමත් අවංක ලෙස සලකන ජපානය විසින් ඇ.ඩො. මිලියන 1400කින් නිමකළ හැකි ව්‍යාපෘතියට, ඇ.ඩො. මිලියන 2500ක් තක්සේරු කළේ ඇයිදැයිද වසන් කරති. ඒ අතරම චීනා හොරා යැයි කියන්නටද ඔවුන් අමතක නොකරති. එනමුත් චීනා විසින් මෙය ජපනාගේ තක්සේරුවෙන් හරි අඩක වියදමෙන් කළහැකි යැයි කී බවද ඔවුන් වසං කරති.

යහපාලන පෙරගමන්කරුවෙකු වූ මහාචාර්‍ය ගුණරුවන් යනු හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක්ද වෙයි. ජනාධිපති විසින් විෂය පිළිඹඳ එවන් ප්‍රවීණයන්ගේ අදහස් විමසා වැඩ කිරීමද බුකි පඬියන්ගේ දෝෂදර්ශණයට ලක්වී ඇත. ඔවුන් බලාපොරොත්තු වන්නේ විෂය විශේෂඥයින්ගෙන් නොමැතිව ඔවුන්ගෙන් උපදෙස් ගන්නයි කියාද කියන්නට දන්නේ නැත.

මේ බොහෝ සුවාදීන පඬියන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ 2019 නොවැම්බරයට පෙර රට මොන නස්පැත්තියක් වුවද, මැරුණාක් මෙන් නිහඬව සිට ආණ්ඩු පෙරළියෙන් පසුව ඉතාමත් සක්‍රීය ලෙස බුකිය තුළ සැරිසැරීමයි. ප්‍රතිවාදීන්ට වහලා, බයියා ලෙස ඇමතීමද, ඔවුන් කරන දේශපාලන කිලිටි සේදීම සහ මඩ ගැසීම හැර අන් සියල්ලක්ම කඩේ යෑමක් ලෙස හුවා දැක්වීම මේ පඬියන්ගේ ස්වරූපයයි. ආණ්ඩුවට කොරෝනා මර්ධනය කරන්නට උපදෙස් දුන්නේද, ආණ්ඩුව විසින් කොරෝනා මර්ධනයෙහිලා ගනු ලබන පියවර ඉතා නිර්ධය ලෙස විවේචනය කරනු ලැබිවේද මේ ස්වාධීන වෙස්ගත් බුකි පඬිවරුය. අවසානයේ කොරෝනා පරදා රටක් ලෙස කෙලින් හිටගන්නට අපට හැකිවුණ අතර, බුකි පඬියන් ටික දිනකට කරළියෙන් අතුරුදහන් වුණා.

කෙසේ හෝ මේ ස්වාධීන පඬියන්ට LRT එකක් ඕනෑමය. ඒකත් ජපානෙන්ම ඕනෑය. චීනෙන් වියදමෙන් හරි අඩකට කරන්නම් යැයි කියූ එක එපාමය. ඇ.ඩො. මිලියන් 1400ක ව්‍යාපෘතිය කරන්නට ඕනෑ යැයි බුකියේ වැළපෙන ඔවුන් සුවිසල් නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්විය හැකි හම්බන්තොට වරායට එදා කීවේ නැව් නොඑන වරාය කියාය. මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කරන විට කසාය බීපු ගොළුවන් සේ සිටියේ ඔවුන්මය. රටට මුදල් ඉපයිය හැකි, සුවිසල් ආර්ථික විභවයක් ඇති ව්‍යාපෘති දෙකක් සුදු අලින් ලෙස නිර්ධය ලෙස විවේචනය කරන්නේද, ගිණි ගණන් ගෙවා, ලෝකයට ණය වී, විනාඩි පහක කාලය ඉතිරියක් සඳහා සැහැල්ලු දුම්රිය මාර්ගයක් තනන්නට කියන්නේත් එකම කටවල් වලින්ය. එයද ඊට වඩා වියදම් අඩු, ප්‍රතිලාභ වැඩි විකල්ප තිබියදීය.

මේ සුවාදීන බුකි පඬියන්ගේ නොවෙනස් ලක්ෂණය නම් ජාතිකවාදී ආණ්ඩු වලින් (මෑත කාලයේදී නම් රාජපක්ෂලා විසින් නායකත්වය දෙන) කරනා ඕනෑම දෙයක් ඉතා නිර්ධය ලෙස විවේචනය කිරීමත්, සජිත් බේබිගේ ගොං කතා, යහපාලකයින්ගේ අමන වැඩ කිසිවක් නොදැක්කා සේත් හිඳීමයි.

එනමුත්, ඉතාමත් සාධණීය කරුණු රැසක් ගෙනහැරපෑ මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන්ගේ කරුණු දැක්වීමට එරෙහිව බුකියේ වැළපීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ ආරූඩ කරගත් තක්කඩි සුවාදීනකම තවදුරටත් සඟවාලනු නොහැකි බවයි !!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More