දේශීය පුවත්

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම කතෝලික මැති ඇමැතිවරුන් කැඳවීමට පියවර ගෙන ඇත.

මෙම හමුව ලබන අගහරුවාදා (06) සවස 2ට කොළඹ අගරදගුරු නිල නිවෙසේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වය පිළිබදව කාදිනල් හිමිපාණන් විසින් කතෝලික මැතිඇමැතිවරුන් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය සතියේ රහස් පොලිසිය විසින් සාක්ෂි නොමැති බව පවසමින් රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදුර්දීන් මහතා මාස 5කට පසුව නිදහස් කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් මාධ්‍ය හමුවේ දැඩිව අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී උන්සවහන්සේ කියා සිටියේ සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලන විට ආණ්ඩුව කිසියම් දේශපාලන ඩීල් එකක සිටින බවට සැකයක් මතු වන බවකි.



One thought on “කාදිනල් හිමි සියලුම කතෝලික මැතිඇමැතිවරුන් කැඳවයි”

  1. කාඩිනල් තුමා යහපාලුවෝ පාර්ලිමේන්තු කාරක කොමිටි දාගෙන මාධ්‍ය සංදර්ශන දානකොට මීයෙක් වගේ සිටියා. දැනට විමර්ශන සහ කොමිසම අගමුල සියල්ල සොයාගෙන යනකොට වැඩේ ඉක්මන් කරවන්න හදනවා.

    වැඩේ ඉවරවනතෙක් සද්ද නැතිව සිටියොත් හොඳයි බොරදියේ මාලු බාන්නේ නැතිව!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More